"ආයිත් පූල් එක අස්සෙ රිංගන්නෙපා තනියම"
"ඔයා කවුද කිව්වොත් ආයිත් යන්නෑ"
"කවුරු කිව්වත් වැදගත් දෙයක් කිව්වම ඒක ඔය මෝඩ මොලේ කොහෙට හරි දාගන්නවා"
"ඔයා ඔසඳ ද?"
හැමදාම මම බැලුවම දත් වහල්ලම පෙන්නලා හිනාවෙන එකම එකාගෙ නම මම කියල බැලුවෙ නිකමට.
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
"මොකා... ඔසඳ.. මම කියල හිතාගෙන එක එකා එක්ක කතාවට යනව එහෙම නෙමෙයි. දත් ටික බඩට යවන්නෙ"
ඔය විදියට ඉවර වුණ සුහද සාකච්ඡාව එදයින් පස්සෙ ආපහු එලියට ආවෙනෑ.. ආපහු මට කතා කරෙත් නෑ.. මම බලෙන් දෙන්න ගියෙත් නෑ.
.
.
.
වාර විභාග,මිඩ් ටෙස්ට් වගේ විභාග ගණනාවක් පහු කරගෙන අපි ආවෙ අවුරුද්දෙ අවසාන භාගෙටත් ඇවිත් තිබුනෙ.. අවසන් වාරයත් අවසන් වෙනකම් අපි හැමෝම පොත් වලටම හිර වෙලා හිටියෙ.
හැමදාම නිදාගන්න ඔවින් පවා ඩික්ශනරි එක පැත්තකින් තියලා ගේමට බැස්සා..
පන්තියෙ පලවෙනියා වෙන්න දැනුම තියන සෆ්නා, රයිනි නිසාම ලේසි ප්රශ්න වරද්දලා දෙවනියා වුනා..
මෙලීෂාට ඕනකම තිබුනෙ රෙස්ටුරන්ට් එකක් දාන්න.. ගෙදරින් බල කරල එයා මැත්ස් කරන්න ගත්තට ලොකි උවමනාවක් තිබුනෙ නෑ.
පන්තියෙ දක්ශම ලමයයි, පන්තියෙ අන්තිමයයි මැද්දෙ මම හිටියෙ බොහොම නිදහසේ.
"මේ.. ඔයා පැහෙන්නැතුව මේ පාරවත් හරියට ලියන්න. මොනාහරි වුනොත් මම බලාගන්නම්"
මම සෆ්නාට ලෝඩ් වගේ කිව්වට රයිනි මට මොන බාල්දිය පෙරලයිද කියල මමවත් දැනගෙන හිටියෙ නෑ. කලින් පාරත් පූල් එකේ මැරෙන්න ඇරියා..
"ඇත්තටම මට ආසයි පලවෙනියා වෙලා රිපෝට් එක පෙන්නන්න ගෙදරට"
"ඉතින් ඒකනෙ. ඔයා ලියන්න. වෙන දෙයක් අපි බලාගමු පස්සෙ"
එදා මගේ පන්ඩිත වාක්‍ය විශ්වාස කරලා අගෝස්තු විභාහෙදි සෆ්නා පන්තියෙ පලවෙනියා වුනේ ඉහල ලකුනු අරගෙන..
"අම්මෝ මූණෙ සතුට"
රිපෝට් කාඩ් එකත් වන වන හිනාවෙන සෆ්නා දිහා මමයි මෙලීශායි බලාගෙන හිටියෙ හිනාවෙවී..
සෆ්නා මෙලීෂාට ඒ තරම් ලං නොවෙන්නෙ ගෙදරින් දැනගනී කියල බයට . ඒත් ඕනම පාඩම් වැඩකදි මෙලීෂට උදව් කරන්න සෆ්නා ඉදිරිපත් වුණා.
අපි තුන්දෙනාගෙ හිනාව තිබුනෙ බොහොම ටික වෙලාවයි.
"සෆ්නා, කතා කරන්න ඕන"
රයිනි ආවෙ කුලප්පු වෙච්ච අස්වයෙක් වගේ පිඹගෙන.
සෆ්නා සුදුමැලි මූණෙන් අපි දිහා බලද්දි මම ඔලුව හොලවලා කිව්වෙ කලබල වෙන්නෙපා කියලා..
කතාව ඉවර කරලා විනාඩියක් යන්නත් කලින් සෆ්නා ආපහු ආවෙ අපි ගාවට.
"ඔච්චර ඉක්මනට කතා කරාද"
"එයා කතා කරල ගියා. මම අහන් ඉඳලා ආවා.. මං ගැන බලාගන්නම් කිව්වා.. අපිව උඩ තියන ඇමී ගැනත් බලාගන්නම් කිව්වා"
"අනේ දැන් අපි බය වෙන්න ඕන පිස්සු හොල්මනට.. යමුද ටවුන් එක පැත්තෙ.. "
මම නැගිට්ටෙ බයිසිකල් එක නවත්තපු තැනට යන්න. එක්සෑම් නිසා පරක්කු වෙනව කියල බොරුවක් කියලා සෆ්නා අපිත් එක්ක ආවෙ.
ටවුන් එකට පයින් එන අතරෙ හිනාවෙවී කියව කියව යන අපි ඉස්සරහට ආවෙ වෙනත් ඉස්කෝලෙක පිරිමි ලමයි ටිකක්.
කලින් දවසක් මගෙ දිහා කන්න වගේ බලන් හිටපු පිරිමි ලමයත් ඒ එක්කම හිටියා.. අදත් මාව අමුවෙන් කන්න වගේ බලාගෙන හිටියෙ තියුණු ඇස් වලින්. මූණ පුරාම මහා ආඩම්බර වංශවත් පෙනුමක් තිබුනේ.
පිරිසෙන් වෙන් වෙලා ඒ පිරිමි ලමයා ආවෙ මං ගාවට... අපි තුන් දෙනාත් කට ඇරත් බලාගෙන හිටියෙ මොන හෙන ගෙඩියක්ද මේ එන්නෙ කියලා.
"හලෝ... ඔයා #$$$##@@*@"
සිංහලෙන් කියපු වචන වලින් මට තේරුනේ එච්චරයි.. මම මොලේ කොලොප්පන් වෙලා බැලුවෙ මෙලීෂා දිහා..
" ඔයා මෙහෙට අලුත්ද කියල අහන්නෙ"
"ආ ඒක. ඔව් මම ලගදි ආවෙ"
ඒ ලමයත් ඊට පස්සෙ ඉංග්රීසි වලට මාරු උනේ මට සිංහල බෑ කියල තේරුම් ගත්ත නිසා වෙන්නැති.
"කොහෙද හිටියෙ කලින්"
"ස්විස්ටර්ලන්ඩ්. ඇයි අහන්නෙ"
"නිකම්. නම මොකක්ද"
"අමේලියා... අමේලියා මුලර්. ඔයාගෙ?"
"කවීන්.. කවීන් දිනූක වාසලමුදලිගේ"
"හායි කවීන්. ඇයි ඔයා මාව දැකල නැවතුනේ"
මම ඇහුවෙ එයාගෙ පැත්තට අතත් දික් කරන ගමන්.
"නිකම්.. අපිට යාලුවො වෙන්න පුලුවන්ද"
"අනිවාර්යෙන්ම"
ආපහු පාරක් මගේ අතට තද වුණ කවීන්ගෙ අත දාල දිහා බලලා මම කිව්වෙ හිනාවෙලා..
"අමේලියා ."
මගෙ පිටිපස්සෙන් ඇහුණ සිංහනාදෙට ගැස්සුනේ මම විතරක් නෙමේ කියල මට තේරුනේ කවීන්ගෙ අතේ ගැස්මෙන්.
එහෙම්ම පිටිපස්ස හැරුණ මම දැක්කෙ අපි දෙන්නගෙ අත් දිහා කන්න වගේ බලාගෙන හිටපු ඔවින්ව.
"තමුසෙට ගෙදර එන්න කිව්වා, එනව.. ඔතන පැලවෙන්නැතුව"
එක දිගටම කියවගෙන ගිහින් අනිත් පැත්ත හැරිලා යන ඔවින් දිහා මම බලාගෙන හිටියෙ මොලේ කොලොප්පන් වෙලා..
"හරි එහෙනම්, අපි ආයිත් හම්බෙමු . ගිහින් එන්නම්"
හිනාවෙලා කවීන් ගියේ ආපහු මගෙඅත තද කරලා.. හරිම උණුසුම් ස්පර්ශයක්. මට හිතුනෙ ආපහු දුවල ගිහින් ඒ අතින් අල්ලගන්න.
"දැක්කද මෙතන අකුණු ගහල ගොරවලා මහා යුද්දයක පෙරනිමිති පහල වුනා"
මම පියවි සිහියට ආවෙ මෙලීෂාගෙ කටහඬින්..
"ම්ම්... මාත් බලාගෙන හිටියෙ.. අයිතිකාරයා වගේ ඇවිත් අයිතිවාසිකම් කියල ගියා නේ"
"මොනාද අනේ කියවන්නෙ.. මිෂෙල් එන්න කියන්නැති මට. ඒත් මගෙ ෆෝන් එක ඔන් නේ. කෝල් කරලත් නෑ"
මම කිව්වෙ සාක්කුවෙන් අරන් ෆෝන් එක දිහා බලලා..
"ඒක තමා කියන්නෙ. එදා ඔයා වතුරට වැටුණ වෙලාවෙත් ඔවින් හැසිරුනේ ගෑනි මැරුණ මිනිහා වගේ.."
"ඔවින්... එයා එදා එතන හිටියද"
"ඔව් මතක නැද්ද.එයානෙ ඔයාව ගොඩට ගත්තෙ. ඔයා වැටෙද්දි දැකලා, ඒත් එයා දන්නෑනෙ ඔයා වතුරට බයයි කියලා. පස්සෙ කොල්ලා පැනලා ගොඩට ගෙනත් වතුර යවලා ඔයා ආපහු කලන්තෙ දැම්මම තුරුල් කරන් උස්සන් දිව්වෙ "
සිකේ.. මොනාද මං මේ අහන විලි ලැජ්ජ නැති කතා... මට හිතුනෙ මෙතන ඉදන් ඇඳුම් නැතුව ගෙදරට යන්න. ඔවින්... මාව උස්සගෙන.. නෑ නෑ... මේක හීනයක්. මං නැගිට්ටම මම සාමාන්ය ඇමීමයි. ඔවින් මාව වඩාගෙන නෑ.. මගෙ ඇඟට අත තියලත් නෑ... කල්පනා කරන ගමන්ම මගෙඅත් දෙක තිබුනෙ පපුව හරහා කතිරයක් වෙන්න.
ෆෝන් එක රින්ග් වෙන සද්දෙට මම උඩ විසික් වුණේ කල්පනා ලෝකෙත් සුණුවිසුනු කරගෙන..
"එනවා.. තවත් ඔතන මගුලක්ද කරන්නෙ.."
බුල්මස්ටිෆ් බල්ලෙක් වගේ බුරන්න මේ ලෝකෙ මට ඉන්නෙ එකයිනෙ. යාලු මාලුවො දෙන්නගෙන් සමු අරන් මම හැරුනෙ ගෙවල් පැත්තට..
"එනවා.. තවත් බඩගාන්නෙ"
මට ඉස්සර වෙලා උඩුබුරන ඔවින් දිහා වටපිටාවෙ මිනිස්සුත් බලද්දි මම අහස පොලව ගටලන්න කල්පනා කරෙ මොන මගුලක්ද මේ යකාට වෙලා තියෙන්නෙ කියලා..
එක බැල්මක්වත් මගේ දිහාට පා කරන්නැතුව මට ඉස්සර වෙලා ගිය ඔවින් ගේ ගාවට එනකම්ම වcඅනයක්වත් කතා කරේ නෑ..
මගේ දිහා යන්තම් බලල ඇස් වලින් ගෙට යන්න කියල ඔවින් ගියේ මිෂෙල්ව බලන්නවත් ගෙට එන්නෙ නැතුව.
'මාර ලොකුකම.. අලි ඔලුවා'
මාත් ගස්සගෙනම ගෙට ආවෙ මාව හදිස්සියෙ කැඳෙව්වෙ මොකද බලන්න.
"මිෂෙල්.. ඔයා මට එන්න කිව්වද.. "
"මම.. කොයි වෙලේද"
"එතකොට... ආහ් නෑ මුකුත් නෑ"
මම උඩට ආවෙම පුපුර පුපුරා.. මාව රවට්ටලා යාලුවො එක්ක යන්න දුන්නෙත් නෑ.. ආත්ම ගානක හතුරෙක්ද මන්දා මේකා නම්..
.
.
.
.
.
කාලය මොන තරම් වේගෙන් ඉගිල්ලිලා යනවදකිව්වොත් දවස් ගෙවුණෙ ඇසි පිය ගහන පමාවට.
විභාග, තරඟ වලටම කාලය ගෙවිලා ගියේ වෙන කිසි දේකට වෙලාවක් ඉතුරු නොකර.
වෙනස් දේකට කියල සිද්ද වුනේ සෆ්නා මෙලීෂා එක්ක එකතු වෙලා මට සිංහල උගන්නපු එක විතරයි. වචන උච්ඡාරණය අතින් නම් මම නිල් වෙලා හිටියේ.. සමහර වචන මම කියන විදියට අර මෝඩ රිලවු දෙන්නා උඩ පැන පැන හිනාවෙනකොට තමයි මඩේ ඔබලා ගන්න හිතෙන්නෙ.
කොහොමින් කොහොමින් සාමාන්ය කතා බහක් හුරු වෙන මට්ටමට මම එනකොට නොදැනීම අවුරුද්දෙ අවසාන වාරයත් ඇවිත් තිබුණා..
ඔවින් මාව ගනන් නොගෙන ඔරවගෙන යන එක, රයිනිගෙ කුඩුකේඩු වැඩ, සෆ්නාගෙ අසාමාන්ය පාඩම් කිරිල්ල, මෙලීෂාගෙ කෑම රෙසිපි, පාඩම් පොත් අස්සෙන් ගෙවිලා ආපු කාලය බොහොම කාර්යබහුල වුනේ අපිට පිට පිට විභාග තිබුණ නිසා.. කවීන්ව මම පාරෙදි දැක්කත් එයා එදා වගේ ආපහු කතාවට ආවෙ නෑ.. මමත් මොකටද දෙන්න යන්නෙ.. මාත් පාඩුවෙ හිටියා.. මගේ අබිරහස් යාලුවා නම් මාසෙට පාරක් විතර මැසේජ් කරත් ඒ මැසේජ් කිරිල්ල වචන දහයකට විතර සීමා වුනා.
මගේ බල කිරීමටම සෆ්නා එක දිගටම පන්තියෙ පලවෙනියා වුනේ රයිනිව පුපුරලා හැලෙන ගිනි කන්දක් කරලා..
.
.
.
.
පෑන පැත්තකින් තියලා මම නිදහසේ හුස්මක් ගත්තෙ අන්තිම ප්‍රශ්නෙටත් උත්තර ලියලා ඉවර වෙලා..
අවසානා වාරයේ විභාගේ දෙවනි දවස අද. පාඩම් කරලම විකාර වෙලා තියන ඔලුව නිදහස් කරගන්න මොනාහරි කරන්න ඕන කියලා හිත හිත මම හිටියේ සිවිලිම දිහා බලාගෙන.
"ස්ස් ස්ස්"
පිටිපස්සෙන් ඇහෙන සද්දෙට මම හෙමීට ඔලුව හරවලා බැලුවෙ මිසිස් ඩේව් ට නොපෙනෙන්න..
"තුන් වෙනි පිටුවෙ පලවෙනි ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද"
ඔසඳ විරිත්තගෙන අහන විදියට අහක බලන්න හිතෙන්නෙත් නෑ..
ලියල ඉවර වුන පේපර් එක ආපහු පෙරලලා මම බහුවරණ ප්‍රශ්න පත්යෙන් උත්තරය බලාගෙන හැරුණෙ ඔසඳට කියන්න..
"අමේලියා.. මොකද"
ඉවරයි... ඔසඳ මේසෙ ඔලුව ගහගත්තෙ මාව සම්පූර්නෙන් තනි කරලා.. ගස් ගොනා.. අල්ලල පොලවෙ ගහන්න පුලුවන් මට..
"ආ මිසිස් ඩේව්.. මම මේ.."
"මම පෑනක් ඉල්ලුවා මිසිස් ඩේව් එයාගෙන්"
හැමදාම මට බුරනකටහඬින් එහෙම වචනයක් ඇහෙනකොට මට අදහන්න බැරි වුනා.. කටත් ඇරන් හැරෙනකොට ඇස් කොනින් මම දැක්කෙ සෆ්නාගෙයි මෙලීෂාගෙයි අසමජ්ජාති හිනාව.
ඔවින් මාව බේරලා ඒකටත් හරියන්න මට එරෙව්වෙ මුලු ඇඟේම වෙර වීරිය දාලා..
"පෑනක් දෙනවා"
ලියලා ඉවර වෙලා මේසෙ උඩ තියල තිබ්බ පෑන මම හීනෙන් වගේ ඔවින්ට දුන්නෙ මී හරකෙක් වගේ කටත් ඇරගෙන..
විභාගෙ ඉවර වෙනකම්ම ආපහු මම ඔලුවවත් ඉස්සුවෙ නැතුව මේසෙ දිහාම බලාගෙන හිටියෙ වෙච්ච දේ ගැන හිත හිත..
මිසිස් ඩේව් පේපර්ස් එකතු කරගෙන ගියාටත් පස්සෙ මම ආපහු ගැස්සුනේ මගේ පිටිපස්සෙන් ඇහුණ කටහඬට..
"එලියට එනවා"
🔴🔴🔴කිසිඳු ආගමකට හෝ ජාතියකට අපහාස කිරීමට මම උත්සහා නොකරන අතර කමෙන්ට් තුලද එසේ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.🔴🔴🔴
Nice ❤
ReplyDelete