"ඒ උනාට පවුලම
එකතු වෙලා ඔහේව මගේ
ඇඟේ ගහලනෙ.. මම නිකම් ලමයෙක්
බලාගන්න තාත්තා වගේ.. ඕන රෙද්දක් කරගන්නවා.
මම නම් මැරුනත් බලන්නෙ
නෑ.. හැබැයි මං ගැන ගෙදරට
කේලම් කිව්වොත් එහෙම…. මම බලාගන්නම්"
අන්තිම ටික කිව්වෙ මගේ
මූනට ඇඟිල්ලත් උරුක් කරලා..
මොන මෝඩයෙක්ද මේ..
ඕක තමා කියන්නෙ පෙනුමට
රැවටෙන්නෙපා කියලා.. විරේක බෙහෙත් බීපු වෙලාවක මොලේත් එක්කම ටොයිලට් වලට ගිහින්ද කොහෙද...
මම ඔරවගෙන බලාගෙන
හිටියෙ මට පිටිපස්ස හරවලා
ගේ ඇතුලට යන අලි ඔලුවා
දිහා..
පොඩ්ඩක් ඉන්නවකො මම මෙහාට හුරු
වෙනකම්.. තමුසෙගෙ ඔලුවෙ ඉඳන්ම කනවා මම..
සැලී උදෙන්ම මාව
ඇහැරවලා අලුත් ඉස්කෝලෙ පලවෙනි දවසට විශ් කරලා
ගියේ මිශෙල් වරම අරගෙන ගමටම ඇහෙන්න කෑ ගහන්න
ගන්න කලින්.. මම උදේට නැගිටින වෙලාව ලේන් එකම දන්නවා මම හිතන්නෙ.. කුකුලා හඬලන වෙලාවට
මිෂෙල්ට කීයක් හරි දුන්නනම් ගමම ඇහැරවයි ගෙදර සාලෙ ඉඳන් කෑ ගහලා....
මගේ යුනිෆෝම් එක
තාම හම්බවුනේ නැති නිසා ලා
නිල් පාට ඩෙනිම් එකට
සුදු ස්කිනි එකක් ඇඳලා උඩින්
ඩෙනිම් ඕවර්කෝට් එක දාගත්තා.. ස්විස්
වලදි මම ඩෙනිම් එක
අඳිනවනම් ස්කිනි එකට ඕවර්කෝට් එක
අඳින එක මගේ පුරුද්දක්
වෙලා තිබුණේ..
කොන්ඩෙ පෝනි ටේල් එකක්
දාලා ලිප් ග්ලොස් එක
විතරක් යන්තම් ගාලා මම පහලට
බැස්සෙ කලින් දවසෙ රෑ ලෑස්ති
කරගත්තු මගේ බැක්පැක් එකත්
කරට දාගෙන..
පඩිපෙල පහල ඉඳන් හිනාවෙවී
මගේ දිහා බලාගෙන ඉන්න
මිෂෙල්ව දැක්කම මට දැනුනෙ දුවගෙන
ගිහින් එයාව බදාගන්න තරම්
උණුසුම් හැඟීමක්.
අයිතිකාරයෙක් නැති දරුවෙක්ට අම්මා
වෙලා ආඩම්බරේ බේරෙන ඇස් වලින් ඒ
ලමයා දිහා බලාගෙන ඉන්න
තරම් උණුසුම් හදවතක් එයාට තිබ්බේ.. ඒ
වගේමයි සැලීටත්.
තමන්ගෙම දරුවව අතෑරලා දාලා තමන්ගෙ ජීවිතේ
ගත කරන අම්මලා මම
ඕන තරම් ස්විස් වල
දැකලා තියනවා.. ඒ හැමවෙලාවකම මට
හිතුනේ මම මොන තරම්
වාසනාවන්තද කියලා..
"ගුඩ්මෝනින් පැටියෝ.. බලන්නකො ඔයාගෙ ලස්සන"
"ගුඩ්මෝනින් අම්මා"
දැනුන උණුසුම් හැඟීමෙන්ම මම ගිහින් මිෂෙල්ව
බදාගත්තෙ කම්මුලකට හාදුවකුත් දීලා..
"ආ.. මේ මොකද
අද ඉමෝශනල් වෙලා.."
"මාව පිස්සු ඉස්කෝලෙකට
එලවලා දවල්ට තනියමනෙ ඉන්න වෙන්නෙ. හවස්
වෙනකම් තියාගන්න කිස් එක දුන්නෙ.."
"ඔයා ඉස්කෝලෙට කැමති
වෙයි ඇමී.. එන්න කන්න"
මිෂෙල් කොච්චර කිව්වත් මට මතක් වෙන්නෙම
අමුතු සතෙක් දිහා බලනවා වගේ
මගේ දිහා බලපු ලමයින්ව..
ඊටත් වඩා අර අහංකාර
ගස් නරියා ඔවින්..
මම කොච්චර හරිද
කියලා මට තේරුනේ මිෂෙල්
මාව ඉස්කෝලෙ ලඟින් බැස්සුවම.. මීට කලින් මනුස්සයෙක්
දැකලා නෑ වගේ බලාගෙන
ඉන්න කැත..
මගේ ක්ලාස් රූම්
එකට මාව එක්ක යනකම්
පාර දෙපැත්තෙ හිටපු ලමයි කසු කුසු
ගගා මගේ දිහා බැලුවෙ
අමුතුවට..
මහ මෝඩ ලමයි
ඉන්න ඉස්කෝලයක්ද කොහෙද..
මාව ටීචර්ට බාරදීලා
මිෂෙල් ගියාම මට දැනුනෙ ලොකු
දූපතක තනි වුනා වගේ
හැඟීමක්.
"එන්න ඩියර්.. "
ක්ලාස් ටීචර් මිසිස් ඩැනී මාව ක්ලාස්
එක ඇතුලට එක්කන් යද්දි හැමෝම බෙල්ල දික් කරගෙන හිටියේ
සත්තු වත්තෙ ජිරාෆ්ලා වගේ..
තත්පර ගානකින් ක්ලාස් එක පුරාම බලපු
මම දැක්කෙ පිටිපස්සෙම කෙලවරේ ජනේලෙන් එලිය බලාගෙන පුප්පගෙන
හිටපු ගස් නරියා..
මොකාක්.. මේකා මගේම ක්ලාස්
එකේද..
"ඔන්න ඔයාලට අලුත්
යාලුවෙක්.. අපිට ඔයාව අඳුන්වලා
දෙන්නකො බලන්න"
මිසිස් ඩැනී කියද්දි මම
එයා එක්ක යන්තම් හිනා
වුනේ ඔරවන්න බැරි තරම් එයා
කාරුණික නිසා..
"හායි. මම අමේලියා මුලර්.
ස්විට්සලන්ඩ් වල ඉඳන් ලංකාවට
ආවෙ"
ඔය මැදැයි. මේ
මෝඩ ලමයින්ට මොකටද මං ගැන මීට
වඩා..
එහෙම්ම මිසිස් ඩේව් දිහා මම
බලද්දි එයත් මගේ දිහා
බැලුවෙ එච්චරද අහන්න වගේ..
"හරි.. අමේලියා.. ඇමී කියන්නම් අපි..
බලන්න ඉඩ තියන තැනක්..
ආ සෆ්නායි මෙලීෂායි මැද්දෙ ගාව ඉඩ තියනවා..
අතනින් වාඩි වෙන්න"
මිසිස් ඩේව් මට පෙන්නුවෙ
ඝණකම යුනිෆෝම් එක ඇඳලා හිජාබ්
එකකින් ඔලුව වහගෙන හිටපු
ලස්සන ගෑනු ලමයෙක්ව.. ඉස්ලාම්
යාලුවො ගොඩක් මට ස්විස් වලත්
හිටපු නිසා මට දැනුනෙ
සැනසීමක්. ඊට
එහා පැත්තෙ හිස් ඩෙස්ක් එකක්..
ඊටත් එහා පැත්තෙ දුඹුරු
පාට බළල් ඇස් තියන
නූඩ්ල්ස් වගේ කර්ලි කොණ්ඩයක්
තියන සුදු ලස්සන ගෑනු
ලමයෙක්.. ඒ කියන්නෙ මම
ඒ දෙන්නගෙ මැද්දෙ අද ඉඳන්..
ඒත් මගේ සැනසීම
කේන්තියක් වුනේ මිසිස් ඩේව් කියලා ඉවර උන ගමන් පන්තියේ තැන් තැන් වලින්
ඇහුන හිකි හිකිය නිසා..
පිරිම්මි ලමයි පහත් වෙලා
එක එක්කෙනාට මොනවහරි කිය කිය හිනාවෙනකොට
අර අහංකාර ගස් නරියා මගේ
දිහා බැලුවෙ මුලු ඇඟේම ශක්තිය
එකතු කරලා ඔරවලා..
සෆ්නා කියන ලමයා මේසෙ
ලීය කඩාගෙන ඇතුලට බහින්න තරම් ඔලුව පහත්
කරගෙන හිටියේ.. නූඩ්ල්ස් කොණ්ඩෙත් ඊට දෙවනි නෑ..
මට බය හිතුණෙ දෙන්නත්
එක්ක මේස දෙක කඩාගෙන
මූණ බිම ඇනගනී කියලා..
මම
හිතුවා හරි.. මේ ඉස්කෝලෙ ඉන්නෙ
දුෂ්ට ලමයි සහ මෝඩ ලමයි විතරයි….
වෙන ඉස්කෝලයක් බලමු කියද්දි මාව
මේකටම දාපු මිෂෙල් එක්කත්
කේන්තියෙන් මම ගිහින් වාඩි
වුනේ මේසෙ කිමිදිලා හිටපු ලමයි දෙන්නගෙ මැද්දෙන්....
"හරි... සද්ද කරන එක
නවත්තන්න.. ලමයි අපි අලුත්
වාරයක් පටන් ගන්නෙ.. ගිය
වාරෙ ලකුණු අඩු ලමයි ගැන
මම විශේෂයෙන් බලනවා.. "
මිසිස් ඩේව් ලොකු කතාවක්
පටන් ගත්තත් මට ඕන උනේ
මගේ එහා පැත්තෙ ඉඳන්
මේසෙට කිමිදෙන්න හදන ලමයි දෙන්නට හායි කියන්න.. මම කොහෙත්ම මේ වගේ කටුව අස්සෙ
හැංගෙන මෝඩ ලමයින්ට කැමති නෑ.. ඒත් හැමදාම එයාලා ගාව ඉන්නවනම් මාව අඳුන්වලවත් දෙන්න
එපැයි...
"හායි.. මම අමේලියා.."
හිජාබ් එක දාගෙන හිටපු ගෑනු ලමයා, සෆ්නාගෙ
පැත්ත හැරිලා මම අත දික් කරේ මනුස්සකමට.. මම දික් කරපු
අත දිහා බලලා ඇස්
ලොකු කරලා එයා මගේ
මූණ බැලුවෙ මගේ අත අල්ලන
එක ලෝක අපරාදයක් වගේ
බැල්මකින්..
මම කෝකටත් කියලා
ආපහු අත දිහා බැලුවෙ
උදේ කාපු ජෑම්වත් අතේ
තියද කියලා..
නෑ.. කිසි අවුලක්
නෑ..
දික් කරන් ඉන්න
අත මම ආපහු පොඩ්ඩක්
හොල්ලලා එයාට පෙන්නුවෙ ඒ
ලමයා ඉන්නෙ බය වෙලා කියලා
තේරුණ නිසා..
"මට ලාදුරු නෑ..මට ගොඩක් ඉස්ලාම්
යාලුවො ඉන්නවා.. "
ආපහු අත දිහා
බලලා කිව්වම ඒ ලමයා යන්තම්
හිනාවෙලා මගේ අත අල්ලගත්තෙ
ඇස් වල උණුසුම් හැඟීමක්
පුරවගෙන..බාලාංශ ලමයි ඉන්නෙ මෙහේ..
ඊටත් පස්සෙ මම
හැරුනේ මාව මඟාරින්නම පොතක
ගිලිලා ඉන්න අනිත් ලමයා
දිහාවට..
"හායි.. "
මම අත දිහ්
කරද්දි එයා දැක්කෙ නෑ
වගේ තව ටිකක් පොතට
එබෙනකොට නම් පොත අල්ලලා
කටේ ඔබන්න හිතුනා..
ඒ එක්කම ආපු
වෙලාවෙ ඉඳන් මගේ දිහා
බල බල හිටපු ලමයි
ටිකක් එහෙන් මෙහෙන් හිචිස් ගානවා ඇහෙද්දි අත දෙන එක
කෙසේ වෙතත් මෙලීෂා මගේ පැත්තෙන් පොත
පොඩ්ඩක් උස්සලා මුලු මූණම පොතෙන්
වහගත්තා..
මොන විකාරයක්ද මේ..
මම තාමත් දික්
කරන් ඉන්න මගේ අත
දිහා බලලා ඔලුවත් දෙපැත්තට
ගසලා මේසෙ උඩින් තියාගත්තෙ
උඩේ උණු කැවුම් වගේ
උස්සගෙන ආපු ටර්ම් එකේ
පොත් ටික..
.
.
.
ලොකු ඝාණ්ඨාර සද්දයක්
ඇහුනේ පීරියඩ් එක ඉවරයි කියන්න..
මිසිස් ඩේව් පන්තියෙන් ගියාට
පස්සෙ මුලු පන්තියම කඩිගුලක්
වගේ ඇවිස්සුණා..
"හායි.. මම නටාෂා.. "
මගේ ඉස්සරහ ඩෙස්ක්
එකේ ඉන්න ලමයා හැරිලා
මට අත දික් කරේ
හිනාවෙලා..
"හායි.. මගේ නම නම්
දන්නවනෙ.. අමේලියා"
"ඔයාට ඉන්න වෙන
තැනක් හොයාගන්න වෙයි හැබැයි.. මෙතන
ඉඳලා ඔයාට එක්කො පිස්සු
හැදෙනවා.. නැත්තම්
ඉතින්.."
කියලා ඒ කෙල්ල නෝන්ඩියට
හිනා වුනේ මගේ එහා
පැත්තෙ ඉන්න මෙලීෂා දිහා
බලලා..
තත්පර දෙක තුනක් මේසෙ
දිහා බලාගෙන හිටපු මෙලීෂා පුටුවත් හයියෙන් පස්සට කරලා නැගිටලා වෙඩිල්ල
වගේ පන්තියෙන් එලියට ගියා..
ඒ මොකක්ද ඒ
උනේ..
ඒ එක්කම වගේ
ඉස්සරහා පේලියක හිටපු කෙල්ලො දෙන්නෙක් නැගිටලා අපි ඉන්න පැත්තට
ආවෙ කට කොනකින් හිනාවේගෙන
මොනා හරි මුමුණන ගමන්..
එතනින් මහා අහංකාර පෙනුමක්
තියන එක කෙල්ලෙක් අපි
ලඟින් යන ගමන් සෆ්නාගේ
මේසෙට අතින් ගැහුවෙ පොත් ටික ඔක්කොම
බිමට වැටෙන්න..
"ඌප්ස්.. සොරි.. දැක්කෙ නෑ"
අසික්කිත හිනාවක් දාලා ඒ දුෂ්ට
කෙල්ල කියද්දි මට දැනුනෙ මගේ
බඩ ඇතුලෙ තියන ගිනි කන්දක්
බුබුලු දදා උඩට එන
සද්දෙ..
සෆ්නා ඉබ්බෙක් කට්ට අස්සට රිංගනවා
වගේ ඔලුව පහත් කරගෙන
හිටියේ උන් දෙන්නා එතනින්
යනකම්..
තවත් නම් ඉවසන්න
බෑ.. බෑ.. බෑ..
"ඒයි.. ඇහිඳිනවා"
මුලු පන්තියම මීයට
පිම්බා වගේ නිශ්ෂබ්ද වෙලා
මගේ දිහා බලාගෙන හිටියා..
"මොකක්ද"
අත් දෙක බැඳගෙන
කට කොනකින් හිනා වෙන ගමන්
අර අහංකාර කෙල්ල මගෙන් ඇහුවෙ නෝන්ඩියට..
"ඇයි තමුසෙගෙ කන
ඇහෙන්නැද්ද.. ඇහිඳිනවා.."
මම කිව්වෙ පුටුවෙන්
නැගිටලා ඒ පැත්තට අඩියෙන්
අඩිය ලං වෙන ගමන්..
"ආ.. අලුත් චන්ඩියෙක්ද
ඔයා.. ඇයි.. සෆ්නාගෙ අම්මද බබෝ ඔයා"
"ඔව් මම එයාගෙ
අම්මා බබෝ... ඇහිඳිනවා"
ඇස් වලින් බිම
වැටුන පොත් ටික පෙන්නලා
මම කිව්වෙ අඩියෙන් අඩිය එයා ගාවට
යන ගමන්..
"නැත්තම් මොනා කරන්නද.. මට
ගහන්නද"
"ගහන්න පුලුවන්.. ඒත් මගෙ අත්
දෙක කිලුටු වෙන නිසා මම
කැමති නෑ.. තමුන් මේක
ඇහින්දෙ නැත්තම් මම මේ දැන්ම
ප්රින්සිපල්ට කම්ප්ලේන් කරනවා ලමයින්ට කරදර කරනවා,පාඩම්
පොත් විසික් කරනවා කියලා.. "
කලින් තිබුන ලොකුකම ටික ටික අඩු
වෙලා යන මූණ දිහා
බලාගෙන මම කිව්වෙ පොඩි
හිනාවක්වත් නැතුව මූණ ගල් කරගෙන..
"දැන්ම.. පොත් ඔක්කොම"
අන්තිම පාරට මම තදින්
කියද්දි ඒ ලමයා කේන්තියෙන්
පුපුර පුපුර පොත් ටිකම එක
අහුරට අත් දෙකට අරන්
මහ සද්දෙන් දැම්මෙ සෆ්නාගෙ මේසෙ උඩට..
"තමුසෙ දන්නෙ නෑ මේ රයිනි
කවුද කියලා.. පරිස්සම් වෙලා ඉන්නවා"
මගේ මූණටම ලං
වෙලා කියපු කෙල්ල ගස්සගෙන පන්තියෙන් එලියට ගියේ එයාගෙ නැට්ට
වගේ අනිත් කෙල්ලත් පස්සෙන් යද්දි..
හුස්මක් ගන්න විතරයි මට
හම්බුනේ..
"ඔයාගෙ මොලේ හොඳ නැද්ද..
"
වේගෙන් පුටුවෙන් නැගිටපු සෆ්නා ඇහුවෙ මගේ පැත්ත හැරිලා..
මගෙන්ද අහන්නෙ.. මම වටපිට බැලුවෙ
මගේ පිටිපස්සෙ කවුරුහරි ඉන්නවද කියලා බලන්න.. නෑ.. මගෙන් තමා
අහල තියෙන්නෙ..
"ඇයි"
"මගේ දේවල් වලට
ඇඟිලි ගහන්නෙපා මම ඒව බලාගන්නම්"
මට පුප්පලා සෆ්නා
එලියට ගියේ හරියට එයාගෙ
පොත් විසික් කරේ මම වගේ..
මේකි යකෝ.. අර දුෂ්ට කෙල්ලො
ඇවිත් වද තිස් දෙකම
දෙනකම් සාන්තුවරයෙක් වගේ ඉඳලා උදව්
කරපු මට නේද පිප්පුවෙ..
උතුර දකුණ මාරු
වෙලා කරන්න දෙයක් හිතාගන්න බැරුව මම වටපිට බැලුවෙ
සිද්ධ වුනේ මොකක්ද කියල
අහගන්න පුලුවන් මනුස්ස පාට එකෙක් හරි
ඉන්නවද කියලා..
ඔවින්.. ගස් නරියා..
මෙච්චර හතර වෙනි ලෝක
යුද්දෙ වගේ සංග්රාමයක්
මෙතන වෙනකොට ඒ බූතයා මේසෙ
උඩින් ඩික්ශනරි එක තියලා ඒ
උඩින් ඔලුව තියාගෙන හෑන්ඩ්ෆ්රී ගහගෙන සිංදු
අහනවා. ඇස් පියාගෙන..
කිසිම විනෝදාස්වාදයක් නැති අයික් කුට්ටියක්
වගේ මී හරකෙක්ද කොහෙද..
මම බලාගෙන ඉද්දිම
ඔවින් ඇස් ඇරියෙ මට
අහක බලන්න වෙලාවක් නොතියා.. එහෙම්ම මගේ දිහා බලලා
කට ඇඹුල් කරලා ඔලුවත් දෙපැත්තට
වනලා ඒකා ජනේලෙ පැත්තට
හැරිලා ඔලුව තියාගද්දි මට
පුටුව උස්සලා ඔලුවෙ ගහන්න හිතුනා..
බූරු හරකා.. හිතන් ඉන්නෙ හරි කොල්ලා කියලා..
හිතෙන් බැන බැන මම
එලියට ආවෙ තනියම ඉස්කෝලෙ
වටේ වටයක් දාන්න හිතාගෙන..
❤❤❤
ReplyDeleteNiyamay
ReplyDelete