Skip to main content

මීදුම මැදින් - 3 කොටස



මෙච්චර හතර වෙනි ලෝක යුද්දෙ වගේ සංග්රාමයක් මෙතන වෙනකොට බූතයා මේසෙ උඩින් ඩික්ශනරි එක තියලා උඩින් ඔලුව තියාගෙන හෑන්ඩ්ෆ්රී ගහගෙන සිංදු අහනවා. ඇස් පියාගෙන..

 

කිසිම විනෝදාස්වාදයක් නැති අයික් කුට්ටියක් වගේ මී හරකෙක්ද කොහෙද..

 

මම බලාගෙන ඉද්දිම ඔවින් ඇස් ඇරියෙ මට අහක බලන්න වෙලාවක් නොතියා.. එහෙම්ම මගේ දිහා බලලා කට ඇඹුල් කරලා ඔලුවත් දෙපැත්තට වනලා ඒකා ජනේලෙ පැත්තට හැරිලා ඔලුව තියාගද්දි මට පුටුව උස්සලා ඔලුවෙ ගහන්න හිතුනා..

 

බූරු හරකා..  හිතන් ඉන්නෙ හරි කොල්ලා කියලා..

 

හිතෙන් බැන බැන මම එලියට ආවෙ තනියම ඉස්කෝලෙ වටේ වටයක් දාන්න හිතාගෙන..

🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

 

ඇඳන් ආපු ඇඳුම පිටින්ම ඇඳ උඩට උඩුබැලි අතට පෙරලිලා මම කල්පනා කරේ අද වුණ දේවල්..

 

ගියපු දවසෙම හතුරෙක් හදාගත්තා.. අම්මෝ මෝඩ හෝන්තුවක් මම නම්.. ඔක්කොටම හපන් උදව් කරපු එකීමයි බැනලා ගියේ අන්තිමට..

 

අනුන්ගෙ කෙහෙල්මල් වලට හොම්බ දාලා මම නිකම් සවුත්තු උනා විතරක් නෙමෙයි හැපින්නක් අවුස්සගත්තත් එක්ක..

 

එර්රර්රර්.. මට මොනා උනත් අර ඔවින් බූරුවා නම් පැත්ත බලන්නෙ නෑ කියල විශ්වාසයි.. ගොන් තඩියා..

 

හිටපු විදියටම කකුල් දෙක ඇඳෙන් බිමට දාගෙන මම හයියෙන් කකුල් ගැසුවේ අත් දෙකෙන් බෙඩ්ශීට් එක පොඩි කරන ගමන්..

.

.

.

.

"ඇමී..."

 

හීනෙන් වගේ ඇහෙන මිශෙල්ගෙ කටහඬට මම ඇස් ඇරියේ හෙමීට.. ඉස්කෝලෙ ගිහින් ආපු විදියටම නින්ද ගිහින්..

 

"ඇමී.. මෙන්න සැලී ඔයාට කතා කරනවා පහලට එන්න"

 

එහෙම්ම නැගිටලා නිදිමරගාතෙ මම පහලට බැස්සෙ පාර මොන මරාලයක් පෙරලිලාද බලන්න..

 

"ඇමී.. එන්නකො පොඩ්ඩක්"

 

මගේ ලඟට ආපු සැලී මගෙ පිටිපස්සෙන් හිටගෙන උරහිස් දෙකෙන් අල්ලගෙන මාවත් තල්ලු කරන් ගියේ මිදුලට.. කලුවර වැටෙනකම් නිදාගෙනද මම..

 

"මොකක්ද සැලී"

 

සැලී මට ඇස් වලින් පෙන්නුවෙ ගේත් එක්කම එහා පැත්තෙ තිබුන ගරාජ් එක..

 

"අනේ.. සැලී...."

 

මම මහ හයියෙන් කෑ ගහගෙන දිව්වෙ සතුට වැඩිකමටම.. 

 

සිල්වර්, පින්ක් කලර් මිශ් වුන බයිසිකල් එකේ ඉස්සරහ බඩු දාන්න පුලුවන් ලොකු කූඩයක් තිබුනා.. හරිම ලස්සනයි..

 

"සැලී මේක හරිම හරිම ලස්සනයි.. මේ ලෝකෙ ලස්සනම බයික් එක.. අනේ මම ඔයාට ගොඩක් ගොඩක් ගොඩක් ආදරෙයි"

 

දුවගෙන ආපු වේගෙන්ම ආපහු සැලී ගාවට දුවගෙන ගිහින් මම එයාගෙ බෙල්ලෙ එල්ලුනේ කම්මුලට හාදුවකුත් දීලා..

 

"මාත් ඔයාට ගොඩක් ආදරෙයි පැටියො.. ඉස්කෝලෙ ලමයි ගොඩක් බයිසිකල් වල එන්නෙ.. ඔයාටත් හෙට ඉඳන් නිදහසේ යන්න පුලුවන්. මම ලොක් එකකුත් ගෙනාවා.. "

 

දැන් නම් මට ඔක්කොටම වඩා හදිස්සියි හෙට ඉස්කෝලෙ යන්න..

 

බයිසිකල් එක අරගෙන ඉස්සරහ මිදුලෙ වටයක් පදින ගමන් මම කෑ ගගහ හිනා වුනේ සැලී මිෂෙල්ගෙ කරට අතදාගෙන හිනා වෙවී බලාගෙන ඉද්දි..

 

ඉක්මනට හෙට වෙන්න.. ඉක්මනට හෙට වෙන්න...

 

කලින් කාලා මම ඇඳට වැටුනේ ඉක්මනට නිදාගත්තම ඉක්මනට උදේ වෙන නිසා..

.

.

.

.

".. මම තාම නින්දෙන් හීනයක් දකිනවද.. නැත්තම් ඔයා මේ හීනෙන් ඇවිදිනවද"

 

උදේ පාන්දරින් මූන හෝදලා ඊයෙ එනකොට ගෙනාපු යුනිෆෝම් එකත් ඇඳගෙන කොන්ඩෙ පෝනි ටේල් එකක් දාලා මම පහලට බහිද්දි මිෂෙල් පාන් වලට ජෑම් ගාන එකත් නවත්තලා මගේ දිහා බලාගෙන හිටියෙ කටත් ඇරගෙන..

 

"හරි හරි.. කට වහගන්න මැස්සො යයි.."

 

හිනාවෙවීම ඇවිත් මිෂෙල්ගෙ කම්මුලකට හාදුවක් දීලා එහෙම්ම පහත් වෙලා වාඩි වෙලා හිටපු සැලීටත් හාද්දක් දීලා මම වාඩි වුනේ පාන් පෙත්තකුත් අතට අරගෙන..

 

පුලුවන් උපරිම වේගෙන් පුලුවන් උපරිම තරම් කාලා මම නැගිටලා ආවෙ හිත ඇතුලෙන් උඩ පැන පැන.. අලුත් බයිසිකලේ.. මීදුම මැද්දෙන්.. කඳු පාරෙ ඉස්කෝලෙ යන්න පුලුවන්..

 

ටවුන් එකක ජීවත් වුන මට මේක තමයි මේ ලෝකෙ ලස්සනම අත්දැකීම..

 

 

බයිසිකල් එකට නැගලා මම පාරට එනකොට මම තමා මොහොතේ මේ ලෝකෙ හිටපු තෘප්තිමත්ම මනුස්සයා.. මල් වතු උඩින් පියාබන සමනලයන්ටත් දැනෙන්නෙ මෙහෙම වෙන්නැති..

 

ෆයිනස් ගස් වලින් වට වුණු කඳු පාර මැද්දෙන් යන ගමන් මම අත් දෙක දෙපැත්තට දාලා හයියෙන් හිනාවුනේ උපරිම නිදහසෙන්..

 

ජරබරාස් මල් කැලේට හැදුණ පාරෙ උදේ මීදුම කපාගෙන බයිසිකල් එකක යන එක මේ ලෝකෙ හොඳම අත්දැකීම් වලින් එකක් කියලා නම් කරන්න වටිනවා..

 

ඈතින් ඈතින් තිබුන ගෙවල් දෙක තුනක් පහු කරලා යද්දි එකපාරට මම බ්රේක් ගැහුවෙ මාව විසික් වෙලා ඉස්සරහට යද්දි..

 

පාර මැද්දට පැනපු ලොකු සුදු හාවෙක් ඇස් ලොකු කරගෙන ඉව කර කර හිටියේ මගේ දිහා බලාගෙන..

 

මම එහෙම්ම බයිසිකල් එක බිමට දාලා හෙමීට හාවට ලං වුනේ වඩාගන්න හිතාගෙන..

 

"කිකී.."

 

පිටිපස්සෙන් ඇහුන ගෑනු ලමයෙක්ගෙ කටහඬකට මම ගැස්සිලා හැරුනෙත් හාවා පැත්තට පැන පැන ගියේ එකටම වගේ..

 

මගේ එහා ඩෙස්ක් එකේ ඉන්න නූඩ්ල්ස් කොණ්ඩෙ.. හාවත් අත් දෙකට උස්සගෙන ඉස්සරහ හැරුණ ලමයා මගේ දිහා බලාගෙන හිටියේ හාවා වගේම ඇස් ලොකු කරගෙන..

 

"හායි.. ගුඩ්මෝනින්"

 

මම කියද්දි යන්තම් හිනාවුන නූඩ්ල්ස් කොන්ඩෙ ආපස්සට හැරිලා යද්දි මමත් දුවගෙන ගිහින් හිටගත්තෙ එයාගෙ ඉස්සරහින්..

 

"හෝව් හෝව්.. ඉන්න.. ඇයි ඔයා මත් එක්ක කතා කරන්න බය"

 

"මම කාත් එක්කවත් කතා කරන්නෙ නෑ.. එහාට වෙන්න"

 

"ඇයි .. ඔයා හිතන්නෙ අර දුෂ්ට රයිනි වගේ මාත් නපුරුයි කියලද"

 

"ඔයා නපුරු උනත් හොඳ උනත් මට වැඩක් නෑ... එහාට වෙන්න"

 

"ප්ලීස්..  ඇයි ඔයා මෙහෙම"

 

"මම කොයි වගේද කියල දැනගත්තම ඔයාගෙ ඔය තියන හොඳ නෑ. ඔයා මගේ ලඟ වාඩිවෙන්නවත් කැමති නැති වෙයි. නිසා මට පාඩුවෙ ඉන්න දීලා යන්න"

 

මගෙ උරහිසේ හැප්පීගෙන නූඩ්ල්ස් කොණ්ඩෙ වේගෙන් ගියේ හාවත් තුරුල් කරගෙන..

 

මොන විකාරයක්ද එයා කිව්වෙ.. එයා කොහොම උනත් ඒක මට වැඩක් නෑනෙ..

 

මම කොහොමත් යාලුවන්ගෙ පෞද්ගලික ජීවිතේ හොයල බලලා ආශ්රේ කරන කෙනෙක් නෙමෙයි. එයා මට හොඳයි නම් එයා මොනාද කරන්නෙ, කැමති මොනාටද වගේ දේවල් මට වැඩක් නෑ..

 

මේ ලමයි ඔක්කොටම පිස්සු..

 

බයිසිකල් එකත් උස්සලා තල්ලු කරගෙන මම හෙමීට කන්ද නැග්ගෙ තව වෙලා තියන නිසා..

 

පිටිපස්සෙන් කාර් එකක සද්දෙ ඇහෙද්දි මම නිකමට ඔලුව හරවලාබැලුවෙ නිකම් තියන ඔලුව පොඩ්ඩක් හරව හරවවත් ඉන්න ඕන නිසා.. . අපරාදෙ හැරුනේ.. දවසම විනාසයි.. මෝඩ මී හරක් ඔවින් කාර් එක ඇතුලෙ ඉඳන් බකමූණෙක් වගේ ඔරවගෙන ගියේ මගේ දිහා බලලා..

 

ඔරවනවට මෙයාට පඩියක් ගෙවනවද මංදා.. දවසම ඔරවගෙන ඉන්නෙ..

 

වේගෙන් ඈතට යන කාර් එක දිහා බලාගෙන දිවත් දික් කරපු මම ඉස්කෝලෙට එනකම්ම කරේ ඔවින්ට හිතෙන් බැනපු එක..

 

ඉස්කෝලෙ පටන් ගන්න තව පැය බාගයක් විතරම තිබුන නිසා බයිසිකල් එකත් අනිත් අය වගේම කණුවකට හේත්තු කරල ලොක් කරලා මම බෑග් එකත් එල්ලගෙනම ආවෙ ඉස්කෝල වත්ත පිටිපස්සට..

 

ලොකු ස්පෲස් කැලෑව මැද්දෙ පොඩි පඳුරු වල ලස්සන පොඩි පොඩි මල් පිපිලා තිබුණේ සුරංගනා ලෝකයක් වගේ..

 

එකපාරට හිතට ආපු අදහසකට මම පහත් වෙලා ලස්සන මල් නටුවත් එක්ක කඩාගෙන එකතු කර කර ඉස්සරහට ඇවිදගෙන ගියේ හෙමීට..

 

අඩි දහයක් විතර ගියපු මම එහෙම්ම නැවතිලා කන් දුන්නෙ මොකක් හරි සද්දයක් ඇහුන නිසා..

 

කවුරුහරි අඬනවද.. ඉකි ගහන සද්දයක් නේද.. හොල්මන්වත්ද.. බලනවද ආපහු දුවනවද..

 

ෆිල්ම් වල මෙහෙම දෙයක් උනාම බල බල  ඉන්නෙ දුවන්නැතුව කියලා බැන්නට ඇත්තටම උනාම තමයි තේරෙන්නෙ.. කුතුහලේ නැතිකරගන්න ගිහින් බැලුවෙ නැත්තම් දිගටම හොල්මන් මතක් වෙනවා..

 

සද්දෙ ඇහෙන පැත්තට හෙමීට ඇවිදගෙන ගියපු මම දැක්කෙ ගහක් මුල ඉඳගෙන කකුල් දෙක වටේ අත් දෙක බැඳගෙන ඔලුව මැදින් තියාගෙන ඉකි ගහන ගෑනු ලමයෙක්..

 

ඔලුව වටේ තිබුණ හිජාබ් එක නිසා මට හිතුනේ සෆ්නා කියලා..

 

"ඒයි.. "

 

මම හෙමීට කිව්වෙ කෝකටත් දුවන්න කකුලත් පිටිපස්සට තියාගෙන..

 

හිතුවා හරි... ලමයා තමයි..

 

"ඔයා අඬනවද?"

 

මම ඇහුවෙ අත් දෙකෙන්ම කඳුලු පිහදාගෙන අහක බලාගත්තු සෆ්නාගෙන්..

 

"ඔයා යන්න මට පාඩුවෙ ඉන්න දීලා"

 

මුං දෙන්නා කතා වෙලා මාව බයිට් එකට අරගෙනද මංදා.. දැක්ක තැන කියන්නෙ පාඩුවෙ ඉන්න දෙන්නලු...

 

ලොකු හුස්මක් අරගෙන මම ගිහින් වාඩි වුනේ එයාගෙ එහා පැත්තෙන්..

 

"ඔයාට මොකක් හරි ප්රශ්නයක්ද"

 

කිසිම සද්දයක් නෑ..

 

"කියන්නකො.. මට උදව් කරන්න පුලුවන් නම් මම උදව් කරන්නම්"

 

"කාටවත් උදව් කරන්න බෑ"

 

"ඔයා කාගෙවත් උදව් පිලිගන්න කැමති නෑනෙ.. ඇයි රයිනිලා ඔයාට කරදර කරන්නෙ?"

 

මම ඇහුවෙ එයාගෙ අත උඩින් අත තියලා..

 

"අපේ තාත්තා මාව කසාද බන්දන්න හදන්නෙ..  මම කියලා  කියලා දිගටම ඉගනගන්න කැමති කරවගත්තෙ.... රයිනි ඒක දන්නවා.. මම ඉස්කෝලෙ ගැන එකම එක කම්ප්ලේන් එකක් හරි කරොත් ගෙදරට එයාලා මාව ඉස්කෝලෙන් අස් කරල බන්දවයි."

 

ස්විස් වල ඉස්ලාම් යාලුවො ඕන තරම් ඉන්නවා මට.. ඒත් එයාලට මේ ප්රශ්නෙ තිබුනෙ නෑ.. සමහරවිට රටේ සංස්කෘතියට පුරුදු වෙලා නිසා වෙන්නැති..

 

"ඉතින් ඔයා බඳින්න අකමැති නැත්තම් මැරි කරලා ඉගනගන්න පුලුවන් නේද"

 

"මට බැහැ.. මට බැහැ"

 

"ඇයි .. ඔයා කැමති කවුරුහරි ඉන්නවද"

 

"නැහැ.. මම කැමති ඉගනගන්න. ජොබ් එකක් කරන්න. නිදහසේ ඉන්න"

 

"හරි.. ඔයාට ගෙදරින් ඉගනගන්න දෙනවනෙ තාමත්.. ඔයා දුක් වෙන්නෙ රයිනිලා කරන දේවල් ඉවසන්න වෙන එකටද"

 

"මට එයාලට උඩින් වචනයක්වත් කතා කරන්න බයයි. ගෙදරින් දැනගත්තොත් මාව එක්කන් යයි"

 

"හරි.. ඔයා අඬන්නෙපා.. රයිනිලා ඔයාට කරදර කරොත් මම බලාගන්නම්. ඔයා මුකුත් කරන්න ඕන නෑ. දැන් නැගිටින්න"

 

"ඒත් ඔයාටත් මට වෙන දේම වෙයි. එයාලට ගොඩක් සල්ලි තියනවා. ඉස්කෝලෙ  ගොඩක් ඒවට ස්පොන්සර් කරන්නෙ එයාගෙ අම්මා."

 

"ඒක අපි වෙලාවට බලමුකො.. ඔයා එන්න"

 

කඳුලු පිහදගෙන සෆ්නා නැගිට්ටෙ යන්තම් හිනාවෙලා..

 

" ඒක නෙමේ.. අර නූඩ්ල්ස් කොණ්ඩෙ.. එයා ඇයි කතා කරන්නැත්තෙ"

 

"එයා ඉස්සර එහෙම නෑ.. දැන් එයා කා එක්කවත් කතා කරන්න එන්නෙ නෑ"

 

"ඇයි "

 

"එයා.... ම්ම්.. එයා වෙනස්.. ටිකක්.. ඔව්.. අනේ මන්දා.. එක්කො බෑ.. ඒක එයාගෙ රහසක්නෙ. මම කියන එක හොඳ නෑ.. එයාම කියයි ඔයාට"

 

"හරි එහෙනම්.. යමු"

 

මම හිනාවෙලා ආවෙ මල් පොකුරක් වෙනකම් මල් එකතු කර කර..

 

දොරවල් දෙකක් තිබුන පන්ති කාමරේ පිටිපස්සෙම තිබුනේ අපේ පොත් දාන්න පොඩි ලොකර්. එක පන්තියක ලමයි හිටියේ විස්සක් විතර නිසා ලොකු තදබදයක් තිබුනේ නෑ..

 

ඉස්සර දොරෙන් සෆ්නා එක්කම ක්ලාස් එකට ආපු මම ගුරු මේසෙ උඩ තිබුන මල් වාස් එකේ තිබුන ප්ලාස්ටික් මල් පොකුර අරගෙන මේසෙම ලාච්චුවට දාලා මම කඩාගෙන ආපු මල් පොකුර වාස් එකට දැම්මා..

 

ඉස්කෝලෙ පටන් ගන්න බෙල් එක ගැහුවට පස්සෙ තමයි ක්ලාස් එකේ ඩෙස්ක් ඔක්කොම පිරුනේ..

 

ඔවින් තව පිරිමි ලමයෙක් එක්ක හිනාවෙවී ආවෙ කලිසම් සාක්කු දෙකට අත් දෙකත් දාගෙන.. හිනාවෙනකොට මෙච්චර ලස්සන නිසාද මේකා හිනාවෙන්න අගේ කරන්නෙ... මාව දැක්කා විතරයි ඒකා හිනාව කපලා ඔරවන්න ගත්තේ මේ ලෝකෙ ඉන්න ලොකුම හතුරා දැක්කා වගේ..

 

මමත් හොඳට ඔරවලා අහක බලාගත්තෙ නිකම් මේ ගෝතයට සෙකන්ඩ් වෙන්න ඕන නැති නිසා..

 

රයිනිත් ක්ලාස් එකට එද්දි මට හොඳට ඔරවගෙන ගිහින් වාඩි වුනේ හරිම ලොකු කමෙන්..

 

මැදැයි.. මේ පන්තියේ  ඉන්නෙ ජාති දෙකයි. එකක් මට ඔරවන ජාතිය.. අනිත් එක මට ඔරවන්නැති ජාතිය. මාත් එක්ක හිනාවෙච්ච එකෙක් නම් තාම හම්බුනේ නෑ..

 

මැත්ස් පීරියඩ් එක ඉවර වෙලා සර් එලියට යනවත් එක්කම ලමයි එකා දෙන්නා එලියට ගියේ සයන්ස් ලැබ් එකට යන්න..

 

නූඩ්ල්ස් කොන්ඩෙ කිසි සද්දටක් බද්දයක් නැතුව නැගිටලා යද්දි සෆ්නාත් පස්සෙන්ම ගියේ දැනට පන්තියෙ ඉතුරු වෙලා ඉන්න රයිනිලාගෙන් බේරෙන්න වගේ..

 

මාත් කිසි හදිස්සියක් නැතුව පොතත් අරගෙන නැගිට්ටෙ පිටිපස්සෙ පේලියෙ ඉඳන් මගේ දිහා බලාගෙන ඉන්න රයිනිව ගනන් ගන්නැතුව..

 

එක්කො මම ඉස්සරහ දොරෙන් යනවද.. නෑ.. එතකොට හිතයි මම බයේ කියලා..

 

එහෙම්ම හැරිලා මම ඩෙස්ක් පේලි මැද්දෙන් ඇවිදගෙන ගියේ ඔවිනුත් මට ඔරවගෙනම එයාගෙ පුටුවෙන් නැගිටලා පිටිපස්සෙ දොර පැත්තට යද්දි..  ඔවින් හිටියේ බිත්තිය අයිනෙ පිටිපස්සෙම පේලියෙ නිසා එයාට නැගිටලා කෙලින්ම යන්න තියෙන්නෙ..

 

මේකගෙ මහන්තත්ත කම නම් තියනවා ඔක්කොටම වඩා.. මම ඇඟේ එල්ලෙයි කියලා හිතුවද දන්නෑ.. ඊයා.. බුවෑක්කා.. මේ අලි ඔලුවට කැමති වෙන්න මට පිස්සු වෙන්න ඕන..

 

හිතෙන් බැන බැන අඩියක් තිබ්බා විතරයි මාව වේගෙන් විසික් වෙලා ඉස්සරහට යද්දි මම ඇස් කොනින් දැක්කෙ රයිනිගෙ හිනාව..

 

වෙලාව මැනලා බලලා කරා වගේ දාපු කකුල් මාට්ටුවට මම විසික් වෙලා ගියේ ඔවින් හරියටම මගේ ඉස්සරහින් මාව පහු කරන වෙලාවෙමයි..  මම විසික් වෙලා ගිහින් හොම්බ ඇනෙන්න තිබ්බ තැන ඔවින් බය වෙලා වගේ හිටගෙන හිටියේ ඇස් ලොකු කරගෙන.. මමත් උපරිම උත්සහා කරේ ඒ පොලොස් කොට්ටෝරුවට සෙන්ටිමීටරයක් දුරින් හරි බ්රේක් ගහගන්න..

 

දෙවියො මගේ දිහා බලන එක නතර කරලද මංදා.. පෙරලෙන්නෙම බාල්දි..  කෙලින්ම විසික් වෙලා ගිය මාව ඔවින්ගෙ ඇඟේ වේගෙන් හැප්පෙනවත් එක්කම මම එක අතකින් ඔවින්ගෙ උරහිසේ එල්ලුනේ අනිත් අතින් ඉන අයිනේ ශර්ට් එක මිරිකගෙන.. අපි දෙන්නම පස්සෙන් පස්සට ගිහින් හේත්තු උනේ පිටිපස්සෙ ලොකර් පේලියට.. පිටිපස්සට හේත්තු වෙලා හිටපු ඔවින්ගෙ අතක් මගේ ඉන වටේ එතිලා තිබ්බෙ සෑහෙන්න තදින්...  අනිත් අත එයා උස්සලා ලොකර් එකට හේත්තු කරගෙන හිටියේ කකුල් දෙකෙනුත් පොඩ්ඩක් ඉස්සිලා...

 

උරහිසෙන් පහල මගෙ මුලු ඇඟම එයාගෙ ඇඟට තද වෙලා මම හිර වෙලා හිටියේ කිටි කිටියේ.. තත්පර ගානකට මුලු ලෝකෙම නැවතුණා.. කිසිම සද්දයක් නැති ලෝකෙක මම හිටියෙ ඇස් ලොකු කරගෙන ඔවින් දිහාම බලාගෙන.. වෙනද ඔරවන මූණෙ තිබුනෙ හොල්මන් වෙච්ච බැල්මක්.. තද දුඹුරු ඇස් ලොකු වෙලා මගේ මූණ දිහාම බලාගෙන හිටියේ..

 

අඟලක විතර පරතයක් තිබුන ඔවින්ගෙ හුස්ම මගේ මූණට වැදුනෙ හෙමීට.. මම හිටියේ ඇස් ඇතුලෙ කිමිදෙන්න තරම් ලඟින්..

සැරත් නැති මෘදුත් නැති පර්ෆියුම් එක මගේ නහය ඇතුලෙන් ගිහින් හදවතේ කොහේදෝ කොනක නතර වුනා කියලා මට හිතුනේ..

 

යුනිෆෝම් එක කපාගෙන පපුවට දැනෙන උණුසුම වෙනස්ම එකක් කියලා තේරෙනකොට මගේ කන් දෙකේ ඉඳල රත් වෙනවා දැනුනෙ කරකියාගන්න දෙයක් නැතුව..

 

හෙමීට අත් දෙක ලිහිල් වෙනවා දැනෙද්දිත් මම හෙල්ලෙන්නැතුව එහෙම්ම හිටියේ ඈත් වෙලා ඊලඟට එන සුනාමියට මුහුන දෙන්න බයටමයි. මෙහෙම්ම ඉන්නකම් මේකා හොල්මන් වෙලා ඉඳී.. ඈත් වෙලා පියවි සිහියට ආපු ගමන් මාව නැට්ටෙ ඉඳන් හම ගහයි.. ඒකත් මේ පන්තියෙ.. ලමයි ඉද්දි..

 

මෙච්චර වෙලා ලොකු කරගෙන හිටපු ඇස් මම තදින් වහගත්තෙ අවදානමට නම් මෙතන මූණ දෙන්න බෑ කියල හිතාගෙන..

 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

 

 කිසිඳු ආගමකට හෝ ජාතියකට අපහාස කිරීමට මම උත්සහා නොකරන අතර කමෙන්ට් තුලද එසේ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

 

 

 


Comments

Popular posts from this blog

මීදුම මැදින් - 01 කොටස

" ඇමී ... නැගිටින්න බබා .."   හීනෙන් වගේ ඇහෙන මිෂෙල්ගෙ ජර්මන් වලට කන්දීගෙනම මම කෙඳිරිගාගෙන බෙඩ්ශීට් එක ඔලුවත් වැහෙන්න පෙරවගත්තෙ මේ සීතලේ කොහොම ඇස් අරින්නද කියලා හීනෙන්ම හිත හිත ..   " බබා .. නැගිටින්න .. ඔයාට ඇඳුම් ගන්න යන්න ඕන . ස්කූල් එකේ රෙජිස්ටර් වෙන්නත් ඕන .."   " ම්ම්ම්හ්හ් .. තව චුට්ටක් "   මිෂෙල්   මගෙ බෙඩ්ශීට් එක ඔලුවෙන් ඇදලා දැම්මෙ කිසිම හිතක් පපුවක් නැතුව ..   " නැගිටින්න හොර කෙල්ල .."   " අනේහ් හෙට යමුකො "   " හෙට ගිහින් කොහොමද .. එන්න එන්න නැගිටින්න .."   මගෙ අතින් ඇදලා ඇඳෙන් බස්සවලා මිෂෙල්   මාව තල්ලු කරගෙන ගියේ බාත් රූම් එක ගාවට ..   " දුවන්න දුවන්න වොශ් දාගෙන එන්න .."   කෙඳිරි ගගා බාත් රූම් එකට ගියපු මම සින්ක් එකට අත් දෙකම තියාගෙන නිදිකිර කිර හිටියෙ පොඩ්ඩක් පියවි සිහියට එනකම් .   " කෝ කෝ ඕක ඇතුලෙ නිදාගන්නෙ නෑ "   හයියෙන් දොරට ගහන සද්දෙට මම ඇලවිලා තියන ඇස් දෙක අමාරුවෙන් ඇරලා කන්නාඩියෙන් පේන මගේ...

මීදුම මැදින් - 02 කොටස

" ඒ උනාට පවුලම එකතු වෙලා ඔහේව මගේ ඇඟේ ගහලනෙ .. මම නිකම් ලමයෙක් බලාගන්න තාත්තා වගේ .. ඕන රෙද්දක් කරගන්නවා . මම නම් මැරුනත් බලන්නෙ නෑ .. හැබැයි මං ගැන ගෙදරට කේලම් කිව්වොත් එහෙම …. මම බලාගන්නම් "   අන්තිම ටික කිව්වෙ මගේ මූනට ඇඟිල්ලත් උරුක් කරලා ..   මොන මෝඩයෙක්ද මේ .. ඕක තමා කියන්නෙ පෙනුමට රැවටෙන්නෙපා කියලා .. විරේක බෙහෙත් බීපු වෙලාවක මොලේත් එක්කම ටොයිලට් වලට ගිහින්ද කොහෙද ...   මම ඔරවගෙන බලාගෙන හිටියෙ මට පිටිපස්ස හරවලා ගේ ඇතුලට යන අලි ඔලුවා දිහා ..   පොඩ්ඩක් ඉන්නවකො මම මෙහාට හුරු වෙනකම් .. තමුසෙගෙ ඔලුවෙ ඉඳන්ම කනවා මම .. 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺   සැලී උදෙන්ම මාව ඇහැරවලා අලුත් ඉස්කෝලෙ පලවෙනි දවසට විශ් කරලා ගියේ මිශෙල් වරම අරගෙන ගමටම ඇහෙන්න කෑ ගහන්න ගන්න කලින්.. මම උදේට නැගිටින වෙලාව ලේන් එකම දන්නවා මම හිතන්නෙ.. කුකුලා හඬලන වෙලාවට මිෂෙල්ට කීයක් හරි දුන්නනම් ගමම ඇහැරවයි ගෙදර සාලෙ ඉඳන් කෑ ගහලා....   මගේ යුනිෆෝම් එක තාම හම්බවුනේ නැති නිසා ලා නිල් පාට ...