Skip to main content

මීදුම මැදින් - 01 කොටස



"ඇමී... නැගිටින්න බබා.."

 

හීනෙන් වගේ ඇහෙන මිෂෙල්ගෙ ජර්මන් වලට කන්දීගෙනම මම කෙඳිරිගාගෙන බෙඩ්ශීට් එක ඔලුවත් වැහෙන්න පෙරවගත්තෙ මේ සීතලේ කොහොම ඇස් අරින්නද කියලා හීනෙන්ම හිත හිත..

 

"බබා.. නැගිටින්න.. ඔයාට ඇඳුම් ගන්න යන්න ඕන. ස්කූල් එකේ රෙජිස්ටර් වෙන්නත් ඕන.."

 

"ම්ම්ම්හ්හ්.. තව චුට්ටක්"

 

මිෂෙල්  මගෙ බෙඩ්ශීට් එක ඔලුවෙන් ඇදලා දැම්මෙ කිසිම හිතක් පපුවක් නැතුව..

 

"නැගිටින්න හොර කෙල්ල.."

 

"අනේහ් හෙට යමුකො"

 

"හෙට ගිහින් කොහොමද.. එන්න එන්න නැගිටින්න.."

 

මගෙ අතින් ඇදලා ඇඳෙන් බස්සවලා මිෂෙල්  මාව තල්ලු කරගෙන ගියේ බාත් රූම් එක ගාවට..

 

"දුවන්න දුවන්න වොශ් දාගෙන එන්න.."

 

කෙඳිරි ගගා බාත් රූම් එකට ගියපු මම සින්ක් එකට අත් දෙකම තියාගෙන නිදිකිර කිර හිටියෙ පොඩ්ඩක් පියවි සිහියට එනකම්.

 

"කෝ කෝ ඕක ඇතුලෙ නිදාගන්නෙ නෑ"

 

හයියෙන් දොරට ගහන සද්දෙට මම ඇලවිලා තියන ඇස් දෙක අමාරුවෙන් ඇරලා කන්නාඩියෙන් පේන මගේ මූන දිහා බලාගෙන හිටියෙ බෙල්ලත් ඇල කරගෙන..

 

මිෂෙල්  මං ගැන මටත් වඩා හොඳට දන්න නිසා මම උදේට බාත් රූම් එකට ගියාම දෙපාරක් විතර දොරට තට්ටු කරලා ඇහැරවලා යන්නෙ පුරුද්දට..

 

ඕක පටන් ගත්තෙ නිදිමරගාතෙ කොමඩ් එක උඩ වාඩි වෙලා එහෙම්ම බිමට පෙරලිලා ඔලුව පලාගත්ත දවසෙ ඉඳන්..

 

වැටිච්ච වැටිච්ච තැන නිදාගන්න මට තිබුනෙ එසේ මෙසේ හැකියාවක් නෙමේ..

 

සැලී නම් කියන්නෙ මාව ගිනෙස් පොතට යවන්න පුලුවන් තරම් මම ඒකට දක්ෂයි කියලා..

 

කන්නාඩියෙන් මගේම මූන දිහා බලාගෙන මම කල්පනා කරේ අද ඉඳන් පටන් ගන්න අලුත් ජීවිතේ කොහොම වේවිද කියලා..

 

අමේලියා මුලර්.. මගේ නම. ස්විට්සර්ලන්ඩ් වල ඉඳන් ලංකාවට ඇවිත් තාම මාසයක්වත් නැහැ. නමේ ඉඳන් ඔක්කොම ස්විට්සර්ලන්ඩ් උනාට මගේ පෙනුම ශ්රී ලාංකික මූණකට සමානයි. වීදුරු නිල් පාට ඇස් දෙකයි රතු පාට කොණ්ඩෙයි නැත්තම් ස්විට්සලන්ඩ් ජාතිකයෙක් කියන්න පුලුවන් කිසිම අංගයක් මගේ ගාව තිබුණේ නැති තරම්... ඒකට හේතුව මම අරං හදාගත්තු ලමයෙක් වුන එක.

 

දාලා ගියපු අම්මව හොයාගන්න මට කොහොමටවත් උවමනාවක් නැහැ. ඒත් ලංකාව ලස්සනයි කියලා ගොඩක් අය කියන නිසා මට ඕන උනා මෙහේ එන්න ස්ටඩීස් වලට. ඉතින් දැන් අපි මෙහේ.. මිෂෙල්ට නම් සිංහල පුලුවන් එයාගෙ තාත්තගෙ පැත්තෙන් ලංකාවෙ නෑදෑයො ඉන්න නිසා..

මට නම් මලපොතේ අකුරක් බැහැ සිංහල.

 

"ඇමී.. ඔයා තාම ඇතුලෙද"

 

"විනාඩි පහයි"

 

මම කෑ ගැහුවෙ කේන්ති ගියාම මිෂෙල්ගෙ කියවිල්ල නවත්තන්න සාම හමුදාවෙන් ආවත් බැරි නිසා..

 

මිෂෙල්ට මම අම්මා කියනවට වඩා නම කියන්න පුරුදු වුනේ පොඩි කාලෙ ඉඳන්ම.. නමින් කතා කරන එක අපිට ප්රශ්නයක් නොවුන නිසා මම එයාට නමත් කියනවා, අම්මා කියලත් කියනවා..

 

ඉක්මනට මූන හෝදගෙන දනිස්සට වඩා අඟල් තුනක් හතරක් කොට ශෝට් එකට ටී ශර්ට් එකක් ඇඳගත්තු මම පහලට බැස්සෙ උදේට කන්න..

 

ඇස් කොනින් මම දැක්කෙ මිෂෙල් ගිනි කන්දක් වගේ පුපුර පුපුර මගෙ දිහා බලාගෙන ඉන්න හැටි..

 

"ඇමී.."

 

ඒක නම් අල්ලපු ගෙදරටත් ඇහෙන්නැති.. මම මගෙ කොහොමත් ලොකු නිල් ඇස් තව ටිකක් බෝල කරලා අහිංසක තාලෙට බලාගෙන හිටියෙ මිෂෙල් දිහා..

 

"මොන කෙහෙල්මලක්ද ඔයා ඇඳගෙන ඉන්නෙ .."

 

"ඇයි.. මම මෙහෙම අඳිනවනෙ වෙනදත්"

 

"ස්කූල් එකට යන්න පුලුවන්ද ඔහොම.. කරුණාකරලා ගිහින් ඩෙනිම් එකක් ඇඳන් එන්න. දැන්ම"

 

මූණත් පුලුටු කරගෙන මම ආපහු උඩට නැග්ගෙ කට ගහගෙන ගිහිල්ලා උදේ කෑම එක නැති කරගන්න ඕන නැති නිසා..

.

.

.

මම හිටියේ දවාලෙත් තරමක මීදුම තියන ලස්සන කඳුවැටියකින් වට වුණ උස් බිමක හරිම තේජවන්ත විදියට හිටගෙන ඉන්න පරණ තාලෙ ලොකු ඉස්කෝලෙ දිහා ඔහේ බලාගෙන..

 

කකුල් වැහෙන දිග කලිසමට නිල් පාට ශෝට් ස්කර්ට් එකයි ශර්ට් එකයි ඇඳගෙන ඉන්න ගෑනු ලමයි, අලු පාට ස්පෝට් බොටම් එකට ටී ශර්ට් එක ඇඳපු ගෑනු ලමයි පිරිමි ලමයි, යුනිෆෝම් ඇඳපු පිරිමි ලමයි තැන් තැන් වල කියව කියව හිටියේ හිනා වෙවී..

හැමෝම නුවර එලියෙ සීතලට ගැලපෙන්න ඝනකම ඇඳුම් ඇඳලා හිටියේ..

 

මට නම් මෙයාලට හුරු වෙන්න බැරි වේවි..

 

"අනේ බෑ මිෂෙල්.. මට බයයි. අපි ආපහු යමු"

 

මම කිව්වෙ මිෂෙල්ගෙ අතේ එල්ලිලා..

 

"ඔයා දවස් බාගෙන් යාලු වේවි මෙයාලත් එක්ක. එන්න එන්න ප්රින්සිපල් ගාවට යන්න"

 

මිෂෙල්ගෙ පස්සෙන් පරඬැලක් වගේ ඇදිලා යන මගේ දිහා අතරමඟ හිටපු ලමයි බැලුවෙ අමුතු සතෙක් දිහා බලනවා වගේ..

 

ස්විස් වල ප්රයිමරි ස්කූල් එකේ මගේ ප්රගතිය බලලා සෑහෙන්න විස්තර කතා කරාට පස්සෙ හෙඩ්මිස්ට්රස් මාව ඉස්කෝලෙට පිළිගත්තෙ බොහොම ආදරෙන්.

 

අපි ලංකාවට ආපු ගමන් මිෂෙල්ට ඕන වුනේ මාව ඉක්මනට ඉස්කෝලෙකට දාගන්න. මිෂෙල්ගෙ නෑදෑ වෙන කවුද ඉන්නවා කියලා මේ ඉන්ටර්නැශනල් ස්කූල් එකටම මාව දාන්න තමයි ඕන උනේ.. මේ වෙද්දි දෙපාරකට වඩා මම මෙහේට ඇවිත් තිබුනත් තාමත් මට හිතෙන්නෙම මම මෙතනට ගැලපෙන්නෙ නෑ කියලා..

 

අනිද්දා ඉඳන්ම මට ඉස්කෝලෙ එන්න කියපු නිසා අදම මගේ යුනිෆෝම් මහන්න මෙශර්මන්ට් දීලා අපි ආවෙ මට ඕන කරන බඩු ගන්න

 

"ඇමී.. මෙහෙම්ම යමු අපි නිරෝෂ් ගේ ගෙදර.. ඔයාට යාලුවෙකුත් ඉන්නවා එහේ"

 

මිෂෙල් ඔය කියන්නෙ එයාගෙ ලංකාවෙ නෑදෑයො ගැන. එයාලා හරිම හොඳයි. දෙපාරක් විතර මම එයාලව මුනගැහිලා තියෙනවා එයාලා ස්විස් ආපු වෙලාවක. මිෂෙල්ගේ තාත්තගේ නංගි මැරි කරලා ඉන්නෙ ලංකාවෙ එක්කෙනෙක්ව. නිරෝශ් අංකල්. එයාගෙ ෆැමිලි එක නෑ කමින් ලොකු ලඟක් නැති වුනත් අපිත් එක්ක හොඳ යාලුවො වගේ ඉන්නෙ..

නිරෝෂ්  අංකල්ලත් අපි වගේම නුවර එලියේ පදිංචි නිසා දැන් ඉතින් නිතර නිතර හම්බවේවි..

 

ඕන කරන ඒවා ඔක්කොම මැදින් මට ඕන සුකුරුත්තම් එහෙමත් අරගෙන කාර් එකට පටවගෙන අපි ආවෙ නිරෝෂ් අංකල්ගෙ ගෙදර..

 

නිරෝෂ් අංකල්ගෙ දුවට පුංචිම පුංචි බබෙක් ඉන්න නිසා මම එහේ යන්න කොහොමත් කැමැත්තෙන් හිටියේ..

 

එයාලට ගත්තු බඩුත් අරගෙන මිෂෙල් එක්ක මම බැහැලා ආවෙ බබා බලන්න හදිස්සියෙන්..

 

"අනේ... මිෂෙල් නෙ.. කලින් කියලා එන්නෙපැයි. සැලී නැද්ද"

 

"නෑ නැන්දා.. සැලී ඔෆිස් නෙ.."

 

"ඇමී.. ඔයත් ආවද.. ලස්සන වෙලා තව.."

 

නිරෝෂ් අංකල්ගෙ වයිෆ්  'එමා' මාව බදාගෙන කිව්වෙ පුරුදු සුහදත්වයෙන්. එයාත් ස්විස් ජාතික නිසා අපිට භාෂා ප්රශ්නයක් තිබුනෙම නෑ..

 

"තෑන්ක් යූ ආන්ටි.. බබා කෝ"

 

මම වටපිට බලන ගමන් ඇහුවෙ බබාව බලන්න තරම් හදිස්සියක් තිබුන නිසා.

 

"නිරෝෂ්ගෙ අක්කලා ඇවිත්නෙ.. කාමරේ ඉන්නවා.. එන්නකො"

 

අපි ගෙනාපු බඩුත් මේසෙ උඩින් තියලා මම කාමරේට ගියේ දුවගෙන වගේ..

 

"දිනේශි, මේ ඉන්නෙ ඇමී.. මම කිව්වෙ අපේ මිශෙල්ගෙ දුව"

 

ජර්මන් වලින් ඉන්ග්ලිශ් වලට බැහැලා එමා ආන්ටි කිව්වෙ බබාව වට කරගෙන හිටපු සේනාවෙ හිටපු එක්කෙනෙක්ට..

 

එයා වෙන්නැති නිරෝෂ් අංකල්ගෙ අක්කා..

 

"හෙලෝ දුව.. අපේ පුතාත් ඔයා යන්න හදන ඉස්කෝලෙටම තමා යන්නෙ. මට මිෂෙල් කලින් කිව්වා ඔයා ගැන"

 

"ආහ්.."

 

කියන්න කිසිම දෙයක් ඔලුවට ආවෙ නැති නිසා මම මුලින්ම මතක් උන සද්දෙ කටින් පිට කරලා කට පුරා හිනා වුනේ වචන වල අඩුව මකන්න.

 

"කෝ දිනේශිසත්සර’"

 

මිෂෙල් ඇහුවෙ කලින් දන්න කෙනෙක් ගැන අහනවා වගේ.. මම දන්නැති සත්සර කවුද බොලේ..

 

"ඉන්න බලන්න. පුතා"

 

දිනේශි ආන්ටි කෑ ගහපු විදියට ගමේම පුතාලා දුවගෙන එයි කියලා මට සාදාරණ සැකයක් ආවෙ.

 

දිනේශි ආන්ටිගෙ සද්දෙන් පස්සෙ විනාඩියක් දෙකක් ගෙවුනත් දොර ගාවට පුතෙක්ගෙ හෙවනැල්ලවත් වැටුනේ නෑ..

 

"පුතා.. ඔවී"

 

ආයිත් පාරක් උලු හෙල්ලෙන කෑ ගැහිල්ලට ප්රතිචාර දැක්වුවෙ ඇඳේ හිනාවෙවී හිටපු බබා විතරයි.

 

ඊටත් විනාඩියකට පස්සෙ කිසිම හදිස්සියක් නැතුව දොර ගාවින් මතු වුන කෙනා දැක්කම මට ලොකු මිශන් එකක් කරන්න වුනේ මෝය කට වගේ ඇරුන මගේ කට වහගන්න.

 

තද කලු කොන්ඩෙ ඉස්සරින් උඩට උස්සලා.. සුදු මූණ.. තදත් නැති ලාත් නැති දුඹුරු පාට බළල් ඇස්.. ඇඟට ෆිට් ටී ශර්ට් එකෙන් කැපිලා පේන මස්ල්ස්..

මේකා ස්කූල් යන ලමයෙක්ද නලුවෙක්ද..

 

ලංකාවෙ අවුරුදු දාසයක කොල්ලෙක්ගෙන් දකින්න බැරි තරම් නලු පෙනුමක් තමයි තිබුනෙ..

 

"ඇයි අම්මා"

 

කනේ ගහගෙන හිටපු බ්ලූටූත් හෑන්ඩ්ෆ්රී එක ගලවන ගමන් මිනිහා ඇහුවෙ ඕනවට එපාවට.. කාමරේ හරහා වේගෙන් ගියපු ඇස් තත්පර ගානක් මගෙ ගාව නැවතිලා මට ඔරවන්නත් අමතක කරේ නෑ..

 

මම මොනා කරාටද මේ යකාට..

 

"මේ ඉන්නෙ ඇමී.. ඔයාගෙ ඉස්කෝලෙට එන්නෙ.. මම කිව්වෙ"

 

"ආහ්"

 

ආහ්.. එච්චරද.. හෙලෝ කිව්වනම් ගෙවෙනවද.. පුදුම අහංකාරකමක්නෙ තියෙන්නෙ.

 ‘ඔයිට වඩා ලස්සන කොල්ලො ඕන තරම් මම ස්විස් වල දැකලා තියනවා, ලයින් දෙන්නෙපා’ කියන්න කට නලියන්න ගත්තත් මම පාඩුවෙ හිටියේ මේකා එක්ක ඉස්කෝලෙ වසන්න ඕන කියලා තේරුන නිසා..

 

"ඇමී.. අපේ පුතා එක්ක ටිකක් කතා කරලා අඳුරගන්න. යන්න"

 

දිනේශි ආන්ටි කියද්දි මිෂෙලුත් ඔලුවෙන් කිව්වෙ යන්න කියලා.. අන්තිමට මට බබා බලන එක පැත්තක තියලා මේ අහංකාර ගස් නරියගෙ රෙස්පට් බලන්න යන්න උනා..

 

රූකඩයක් වගේ මම මෝඩ අලි ඔලුවාගෙ පස්සෙන් ගිහින් නැවතුනේ මිදුලෙ..

 

"නම මොකක්ද"

 

මම ගැස්සිලා ගියේ හෙන ගහන්නා වගේ අහපු ප්රශ්නෙට වඩා සැර කටහඬට..

 

"අමේලියා මුලර්"

 

"සිංහල පුලුවන්ද"

 

"බැහැ"

 

"ඉන්ග්ලිශ්"

 

"පුලුවන්"

 

"ඉස්කෝලෙ එන්නෙ කවද ඉඳන්ද"

 

"අනිද්දා ඉඳන්"

 

"හ්ම්"

 

එතනින් එහාට කියාගන්න දෙයක් නැතුව මම ඔරලෝසු බට්ටා වගේ වත්ත වටේට බෙල්ල කරකවන ගමන් හිටියේ අත් දෙක ඇඟිලි එකට පටලවගෙන...

 

"මේ අහනවා.. මට බේබිසිටින් කරන්න බෑ.. තමුන්ට ලංකාවට එන්න ඔච්චර අමාරුවක් තිබ්බනම් තමුන් ගැන තමුන්ම බලාගන්නවා"

 

කවුද කිව්වෙ එයාට මාව බලාගන්න කියලා.. ලස්සන පැත්තකින් තියලා මූණෙන් පැණි බේරෙන්නෙ දෙන්න හිතෙන්නෙ දැන් නම්.. කොහොමත් ටිකක් අහංකාර මට ගස් නරියට සෙකන්ඩ් වෙන්න ඕන වුනේ නෑ..

 

"මට කොහොමත් නැනී කෙනෙක් ඕන නෑ.. මං ගැන මම බලාගන්නම්.. කොහොමත් ඔයා වගේ නැනී කෙනෙක්නම් එපාම එපා"

 

" උනාට පවුලම එකතු වෙලා ඔහේව මගේ ඇඟේ ගහලනෙ.. මම නිකම් ලමයෙක් බලාගන්න තාත්තා වගේ.. ඕන රෙද්දක් කරගන්නවා. මම නම් මැරුනත් බලන්නෙ නෑ.. හැබැයි මං ගැන ගෙදරට කේලම් කිව්වොත් එහෙම…. මම බලාගන්නම්"

 

අන්තිම ටික කිව්වෙ මගේ මූනට ඇඟිල්ලත් උරුක් කරලා..

 

මොන මෝඩයෙක්ද මේ.. ඕක තමා කියන්නෙ පෙනුමට රැවටෙන්නෙපා කියලා.. විරේක බෙහෙත් බීපු වෙලාවක මොලේත් එක්කම ටොයිලට් වලට ගිහින්ද කොහෙද...

 

මම ඔරවගෙන බලාගෙන හිටියෙ මට පිටිපස්ස හරවලා ගේ ඇතුලට යන අලි ඔලුවා දිහා..

 

පොඩ්ඩක් ඉන්නවකො මම මෙහාට හුරු වෙනකම්.. තමුසෙගෙ ඔලුවෙ ඉඳන්ම කනවා මම..

  🌺🌺🌺🌺🌺🌺🌺


Comments

Popular posts from this blog

මීදුම මැදින් - 02 කොටස

" ඒ උනාට පවුලම එකතු වෙලා ඔහේව මගේ ඇඟේ ගහලනෙ .. මම නිකම් ලමයෙක් බලාගන්න තාත්තා වගේ .. ඕන රෙද්දක් කරගන්නවා . මම නම් මැරුනත් බලන්නෙ නෑ .. හැබැයි මං ගැන ගෙදරට කේලම් කිව්වොත් එහෙම …. මම බලාගන්නම් "   අන්තිම ටික කිව්වෙ මගේ මූනට ඇඟිල්ලත් උරුක් කරලා ..   මොන මෝඩයෙක්ද මේ .. ඕක තමා කියන්නෙ පෙනුමට රැවටෙන්නෙපා කියලා .. විරේක බෙහෙත් බීපු වෙලාවක මොලේත් එක්කම ටොයිලට් වලට ගිහින්ද කොහෙද ...   මම ඔරවගෙන බලාගෙන හිටියෙ මට පිටිපස්ස හරවලා ගේ ඇතුලට යන අලි ඔලුවා දිහා ..   පොඩ්ඩක් ඉන්නවකො මම මෙහාට හුරු වෙනකම් .. තමුසෙගෙ ඔලුවෙ ඉඳන්ම කනවා මම .. 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺   සැලී උදෙන්ම මාව ඇහැරවලා අලුත් ඉස්කෝලෙ පලවෙනි දවසට විශ් කරලා ගියේ මිශෙල් වරම අරගෙන ගමටම ඇහෙන්න කෑ ගහන්න ගන්න කලින්.. මම උදේට නැගිටින වෙලාව ලේන් එකම දන්නවා මම හිතන්නෙ.. කුකුලා හඬලන වෙලාවට මිෂෙල්ට කීයක් හරි දුන්නනම් ගමම ඇහැරවයි ගෙදර සාලෙ ඉඳන් කෑ ගහලා....   මගේ යුනිෆෝම් එක තාම හම්බවුනේ නැති නිසා ලා නිල් පාට ...

මීදුම මැදින් - 3 කොටස

මෙච්චර හතර වෙනි ලෝක යුද්දෙ වගේ සංග් ‍ රාමයක් මෙතන වෙනකොට ඒ බූතයා මේසෙ උඩින් ඩික්ශනරි එක තියලා ඒ උඩින් ඔලුව තියාගෙන හෑන්ඩ්ෆ් ‍ රී ගහගෙන සිංදු අහනවා . ඇස් පියාගෙන ..   කිසිම විනෝදාස්වාදයක් නැති අයික් කුට්ටියක් වගේ මී හරකෙක්ද කොහෙද ..   මම බලාගෙන ඉද්දිම ඔවින් ඇස් ඇරියෙ මට අහක බලන්න වෙලාවක් නොතියා .. එහෙම්ම මගේ දිහා බලලා කට ඇඹුල් කරලා ඔලුවත් දෙපැත්තට වනලා ඒකා ජනේලෙ පැත්තට හැරිලා ඔලුව තියාගද්දි මට පුටුව උස්සලා ඔලුවෙ ගහන්න හිතුනා ..   බූරු හරකා ..   හිතන් ඉන්නෙ හරි කොල්ලා කියලා ..   හිතෙන් බැන බැන මම එලියට ආවෙ තනියම ඉස්කෝලෙ වටේ වටයක් දාන්න හිතාගෙන .. 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺   ඇඳන් ආපු ඇඳුම පිටින්ම ඇඳ උඩට උඩුබැලි අතට පෙරලිලා මම කල්පනා කරේ අද වුණ දේවල් ..   ගියපු දවසෙම හතුරෙක් හදාගත්තා .. අම්මෝ මෝඩ හෝන්තුවක් මම නම් .. ඔක්කොටම හපන් උදව් කරපු එකීමයි බැනලා ගියේ අන්තිමට ..   අනුන්ගෙ කෙහෙල්මල් වලට හොම්බ දාලා මම නිකම් සවුත...