Skip to main content

Posts

Showing posts from July, 2020

මීදුම මැදින් - 11 කොටස

ඊට ටිකක් එහයින් පිරිමි ලමයි ටිකක් එක්ක හිටපු ඔවින් දැක්කම මගේ හිතට පුංචිම පුංචි ඉරක් පෑව්වෙ හදිස්සියේ වතුරකට වැටුනත් බේරගන්න එකෙක් හරි මෙතන ඉන්න නිසා..   යන්තම් මගේ දිහා බලලා කිසිම තැකීමක් නැතුව අහක බලාගත්තු හැටි දැක්කම ඒ ඉර වැහි වලාකුලු කෙල කෝටියකින් වැහිලා ගියා..   "නිල් පාට ඇස් දෙකක් දැකලා විනාඩියකට ගොලු වුණා.."   මගේ දකුණු පැත්තෙන් ඇහුණ කටහඬට මාව මොහොතකට ගල් වුනා.. එහෙනම් එයා ඇවිත්ද...   මම හැරුණේ පිස්සුවෙන් වගේ..   🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 "කවීන්"   කිව්වද කියවුනාද නැත්තම් හිත ඇතුලෙන්ද කිව්වෙ මොන මගුලක්වත් දන්නෙ නෑ මගේ හිත පුරාම පැතිරිලා ගියේ හරිම උණුසුම් හැඟීමක්. හරියට සීතලම සීතල හිම තට්ටුවක් උඩ ගිනිමැලයක් ගැහුවම දැනෙන උණුසුම..   "මෙයාගෙ ලස්සන බලන්නකො"   "ඔයා කොහෙද මෙහේ"   මම ඇහුවෙ එයා කිව්ව එක ඇහුණෙ නෑ වගේ.. එහෙනම් ඒ මෙයා.. පූසෙක් වගේ හැංගි හැන්ගි මගේ ගැන හොයන මියෑව්වා..   අහනවද.. නැද්ද.. අහනවද.. නැද්ද..   බලමු එයාගෙ කටින්ම අල්ලගන්න පුලුවන්ද කියලා..   "මම මෙයාලගෙ යාලුවො. ඔයාත් එයි කියල හිතුවෙ නෑ"   එයා කතා කරේ ඇත්තටම මාව ...

මීදුම මැදින් - 10 කොටස

"පෑනක් දෙනවා"   ලියලා ඉවර වෙලා මේසෙ උඩ තියල තිබ්බ පෑන මම හීනෙන් වගේ ඔවින්ට දුන්නෙ මී හරකෙක් වගේ කටත් ඇරගෙන..   විභාගෙ ඉවර වෙනකම්ම ආපහු මම ඔලුවවත් ඉස්සුවෙ නැතුව මේසෙ දිහාම බලාගෙන හිටියෙ වෙච්ච දේ ගැන හිත හිත..   මිසිස් ඩේව් පේපර්ස් එකතු කරගෙන ගියාටත් පස්සෙ මම ආපහු ගැස්සුනේ මගේ පිටිපස්සෙන් ඇහුණ කටහඬට..   "එලියට එනවා"    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 ආපහු නැකැත් බලලා හැරිලා දැන අඳුනගන්න ඕන නෑ ඔය ගොමස්කඩ කටහඬ මම අඳුරනවා..   මට ඉස්සර වෙලා එලියට ගියපු ඔවින් මම යනකොටත් රතු පාට මල් පිරුණ ලොකු ඩෙලොනික්ස් ගහ යට හිටගෙන හිටියෙ සාක්කු දෙකටම අත් දෙක දාගෙන. තද නිල් පාට අත් දිග යුනිෆෝම් එකට ඇත්තටම එයාව ගලපෙන්නෙ නෑ..   මේකා නලුවෙක් වෙන්න බාගෙට ප්‍රොසෙස් වෙන ගමන් ඉපදිලාද මන්දා..   "මොකද"   හිතට ආපු ඔක්කොම කෙලත් එක්කම උගුරෙන් පහලට ගිලලා බඩ ඇතුලටම තල්ලු කරලා මම ඇහුවෙ සද්දෙන්..   "ලබන සතියෙ අන්තිම මගේ කම්පිටිෂන් එක.."   ඔය කියන්නෙ ලබන සතියෙ තියන පිහිනුම් තරඟය ගැන.   "ඉතින්"   "ඉතින් කියන්නෙ තියනවා"   "ඉතින් තිබ්බදෙන්.. මට කියන්නෙ පූල් එකට වතුර...

මීදුම මැදින් - 9 කොටස

" ආයිත් පූල් එක අස්සෙ ‍ රිංගන්නෙපා තනියම "   " ඔයා කවුද කිව්වොත් ආයිත් යන්නෑ "   " කවුරු කිව්වත් වැදගත් දෙයක් කිව්වම ඒක ඔය මෝඩ මොලේ කොහෙට හරි දාගන්නවා "   " ඔයා ඔසඳ ද ?"   හැමදාම මම බැලුවම දත් වහල්ලම පෙන්නලා හිනාවෙන එකම එකාගෙ නම මම කියල බැලුවෙ නිකමට . 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸  " මොකා ... ඔසඳ .. මම කියල හිතාගෙන එක එකා එක්ක කතාවට යනව එහෙම නෙමෙයි . දත් ටික බඩට යවන්නෙ "   ඔය විදියට ඉවර වුණ සුහද සාකච්ඡාව එදයින් පස්සෙ ආපහු එලියට ආවෙනෑ .. ආපහු මට කතා කරෙත් නෑ .. මම බලෙන් දෙන්න ගියෙත් නෑ . . . . වාර විභාග , මිඩ් ටෙස්ට් වගේ විභාග ගණනාවක් පහු කරගෙන අපි ආවෙ අවුරුද්දෙ අවසාන භාගෙටත් ඇවිත් තිබුනෙ .. අවසන් වාරයත් අවසන් වෙනකම් අපි හැමෝම පොත් වලටම හිර වෙලා හිටියෙ .   හැමදාම නිදාගන්න ඔවින් පවා ඩික්ශනරි එක පැත්තකින් තියලා ගේමට බැස්සා ..   පන්තියෙ පලවෙනියා වෙන්න දැනුම තියන සෆ්නා , රයිනි නිසාම ලේසි ප් ‍ රශ්න වරද්දලා දෙවනියා වුනා ..   මෙලීෂාට ඕනකම ත...