"ඔව්. ඌ කැමතී උඩින්ම ඔයා පේන මානෙක ඉන්නවට. මම ඒත් කල්පනා කරේ ඔච්චරම ඇලිලා ඉන්න එකා වෙන කෙල්ලෙක් බැන්දෙ මොකද කියල" "ඒ වල් නරියා කැම්පස් එද්දිම ගමෙන් මැණිකෙ කෙනෙක් හොයාගෙන හිටියෙ. හැබැයි ඒකා නිසා මට කොල්ලෙක් හොයාගන්න බැරි උනා. නැට්ට වගේ පස්සෙන් එනවනෙ" "ඒකට නම් ඌට තෑග්ගක් දෙන්න ඕන. හවස් වෙලා පොද වැටෙනවා. සීතල අල්ලයි ගෙට එන්න. දැන් ඉතින් උස්සන් යන්න ඕන නෑනෙ" නිර්වාණ් නැගිට්ටේ සෑහෙන තරම් සුව වී ඇති මගේ පාදය දෙස බලාගෙනය. දින ගෙවී යන්නේ ඉබි ගමනිනි. දවස පුරාම කමින් බොමින් මිදුලේ ඇති බංකුව මතට වී මතකය අවදි කරගැනීමට වෙර දැරීමෙන් මා හෙම්බත්ව ගොසිනි. මගෙන් කිසිඳු ප් රයෝජනයක් නොමැතිව මෙසේ පිනට කමින් බොමින් සිටීමද ගෙන එන්නේ ලැජ්ජාවකි. රාධිකාගේ පැමිණීම පෙරට වඩා වැඩි වූයේ මා මෙහි සිටින බව දැකීමෙන් පසුවය. ඇය සුන්දරය. නපුරු පෙනුමෙන් යුතු වුවද ඇය නිර්වාණ්ට සැබැවින්ම පෙම් කරන බව කිව හැකිය. ඇය පෙන්වන්නේ ඇගේ අයිතියයි. පලමු වරට පිරිමියෙකුගේ උවටැන් ලැබීම අමුතු හැඟීමක් වුවද නිර්වාණ් නමින් පෙම් සිතුවිලි හදවත වූයේ නැත. ඉතින් ඇය බිය වන්නේ බොරුවටය. කල්පනා කරමින් සිටියදීම වේගයෙන් වත්...