මෝහණය අවසානයේදී මා අවදි වන විට ගතට දැනුනේ දැඩි වෙහෙසකි . කම්මුල් තෙමා ඇත්තේ දහදියද කඳුලුද කියා සිතාගත නොහැක . නිර්වාණ් මා දෙස බලා සිටියේ අනුකම්පාව මුසු වේදනාත්මක බැල්මකිනි . වෛද්යවරයාගේ දෙනෙත් මත තිබූයේ කල්පනාකාරී බැල්මකි . " මොකද ඩොක්ටර් උනේ " මා ඇසුවේ චකිතයෙනි . මා කුමක් පවසා ඇත්ද .. මොවුන්ගේ මුහුණු මෙතරම් බැරෑරුම් වන්නට තරම් .. 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 " ඇයි ඔහොම බලන්නෙ ? මම මොනාද කිව්වෙ ? වෛද් යවරයා මොහොතක් මා දෙස බලා හිඳ හඬ අවදි කලේය . " ඔයා අලුත් කිසිම දෙයක් කිව්වෙ නෑ . අවුරුදු පහකට කලින් ඔයා නිර්වාණ්ව දැක්කා කියන දවසෙ නින්දට යනතැනින් පස්සෙ ආපහු ඔයා කතා කරන්නෙ පට්ටිපොල ස්ටේෂන් එකෙන් නැගිටපු හැටි විතරයි ." " ඒත් .. එහෙම වෙන්නෙ කොහොමද .. ඇයි මට මුකුත් මතක නැත්තෙ " මා දෑතින්ම හිසකෙස් ඇදගත්තෙමි . නිර්වාණ් මා අසලින් හිඳගත්තේ මගේ අත් දෙකින්ම අල්වාගෙන .. " කලබල වෙන්නෙපා . අද පලවෙනි දවසනෙ . අපි තව උත්සාහ කරමු " ...