Skip to main content

Posts

Showing posts from October, 2020

Forget Me Not - 04

  එසේනම් මගේ සැකය නිවැරදිය . මා වසර පහක් කාලයක් ගෙවා දමා ඇත . වසර පහක මතකය මගෙන් ඈත් වී ඇත . එය කෙසේ සිදුවීද ..    කිසියම් කම්පනයකින් පසු කෙනෙකුට එක් කාල සීමාවක් අමතකව යා හැකි බව මා අසා ඇත . එසේ නම් මා කම්පනයකට ලක් වී ඇත්ද .. මේ වසර පහ තුල මගේ දෙමවුපියන් පවා මිය ගොස් ඇත . සියල්ල වෙනස් වී ඇත , මා එය අමතක කරේ කෙසේද ..   අවසානයේ ම තීරණයක් ගෙන නිර්වාණ් දෙස හැරුනෙමි .   කොහේ හෝ කෙලවරකින් ගැටය ලෙහා ගත යුතුය . ගෙවුණු වසර පහ තුල සිදු වූ දේ දැනගත යුතුය .   🌸🌸🌸🌸🌸🌸🌸🌸   " අයියේ මට ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න යන්න ඕන "   නිර්වාණ්ගේ දෑස් විසල් විය .   " ඇයි ඒ .. රිදෙනවද කොහේ හරි .. ඔලුව රිදෙනවද තාම "   " නෑ .. ඔයා පිලිගනීද කියල මම දන්නෙ නෑ . අවුරුදු පහකට කලින් , 2020 ඔක්තෝබර් මාසෙ එක දවසක් අපි හම්බුනා . දෙල්කඳ කඩේකදි . ඔයා ඇවිත් හිටියේ තව යාලුවො දෙන්නෙක් එක්ක . එතකොට මගේ කොන්ඩෙ මේ ගාණට දිගයි .."   පිට මැදට අත තබා මා පෙන්වූයෙමි ....

FForget Me Not - 03

    ඒ සමඟම තරුණයාගේ දෑත් මගේ බඳ වටා එතී ගියේය . ඔහුගේ දෙනෙත් විශාල විය . ඒ දෙනෙත් .. පෙර දින අවන්හලේ සිටි අහංකාරයා ..   " බලාගෙන "   ගැඹුරු කටහඬක් සවන් අග කෑ ගසත්දී මා ඒ කටහඬේ හිමිකාරයා සමඟම මාර්ගය කෙලවරේ තිබූ බෑවුමට පෙරලී යන්නට විය . සිරුර රිදුම් දිදී ගල් මුල් වල ගැටෙමින් පෙරලුනු වට කීපයක්   අවසානයේ මා තදින් යමක ගැටෙනු දැනුනි . තරුණයා මගේ සිරුරෙහි ගැටී නතර වනු දැනුනි .   ඉන්පසු සියල්ල නිහඬ විය .   🌸🌸🌸🌸🌸🌸🌸🌸   අධික වේදනාවක් සමඟ මා අවදි වූවත් දෑස් හැරගැනීමට නොහැකි සේය . නැහැයට දැනෙන්නේද සැර බෙහෙත් ගඳකි . අත පය නැතිවාක් මෙනි . අපහසුවෙන් කෙඳිරි ගාගෙනම මා උත්සහා කරේ දෑස් හැර බැලීමටයි .   " නැගිටලා .. ඩොක්ටර් එයා නැගිටලා .."   ගැඹුරු , තරුණ පිරිමි කටහඬක් .   " නැගිට්ටද .. හෙමීට ඇස් අරින්න දරුවො ... "   මුලින්ම ඇස් වලට හසුවූයේ තද ආලෝකයක් . දෙතුන් වතාවක් ඇසිපිය ගසා අවසන මට ඉහලින් වූ සිවිලිම පැහැදිලිව පෙනෙන්නට විය . යන්තම් හි...