Skip to main content

Posts

Showing posts from September, 2020

මීදුම මැදින් - 34 කොටස (අවසානයට පෙර)

  වෙන් වෙන වෙලාව ඇවිල්ලා.. තව මොහොතකින් එයා යන්න ඕන. කාලෙකට මතක තියාගන්න ලැබෙන අවසාන හාදුව මම ඇස් පියාගෙන මුලු හදවතින්ම විඳගත්තා..   අපි ආයෙත් හමුවුණත්, නැතත්.. වෙන කාටවත්ම අශ්වින් වෙන්න බැරි වේවි. ඉතින් මේ මගේ ආදරය.. කෙනෙකුට ජීවිතේටම එක පාරක් ලැබෙන ආදරණීයම ආදරය..   අශ්වින්ගෙ පපුව මත්තේ ගුලි වෙලා තිබුණ අත් දෙක එයාගෙ බෙල්ල වටේ පැටලුණා.. සන්සුන් සුළං රැල්ලක් අපි වටේ කැරකෙමින් වෙලාගන්න අතරේ මම මගේ ආදරණීය හාදුව හදවතේ ගැඹුරුම තැනක මතක සටහනක් විදියට රඳවගත්තා..   ඇස් හතරකින් ගිලිහුණු කඳුලු කම්මුල් දිගේ හෙමීට ගලාගෙන ඇවිත් හාදුවටම මුහු වෙලා හැංගුණා..     🌸🌸🌸🌸🌸🌸🌸🌸   හීන් හිම පියලි මූණෙ වැදි වැදී විසිරෙන්නෙ මාත් එක්ක සෙල්ලමට වගේ .. තැනින් තැන හිම කබාවලින් ආවරණය වෙලා යන අයට මම එතන ඉන්නවා කියලවත් ගානක් නෑ . හිම පතන ගණන් කරන එක මම නවත්තලා දැම්මෙ මීට මාස ගාණකට කලින් . ස්වේටර් එක ඇතුලටම අත් දෙක දාගෙන බර්න් ගඟ දිහා බලාගෙන ඉන්න එක තරම් සැනසීමක් තවත් නෑ .   ඉන ගාවටම දිග කොණ්ඩෙ පුරාම තැනි තැන රැඳිලා තිබ...

මීදුම මැදින් - 33 කොටස

  " ඔයාට සමාව ඕනද "   " ම්ම් .. පුලුවන්ද "   " පුලුවන් . හැබැයි කොන්දේසියක් "   " මොකක්ද "   " මාව ඔලුව හොඳ වෙනකම් මෙහේ තියාගන්න "   ඉතින් මට දෙන්න පුලුවන් ලොකුම දඬුවම ..   " උඩිම්ම හා .. හැබැයි කොලේජ් යන්න ඕන . මගෑරුණ ඒවත් මම කියල දෙන්නම් "   වෙච්ච හැමදේම අමතක කරලා තීරණයකට ඇවිත් අපි දෙන්න නිදාගත්තෙ සැනසීමෙන් .   🌸🌸🌸🌸🌸🌸🌸🌸   කාලය ගෙවිලා ගියේ ඇසිපිය ගහන පමාවට . ඔලුව ඉක්මනට හොඳ වෙන්න එපා කියල මම කී පාරක් හිතින් හිතුවද දන්නෙ නෑ ... ඒ නිසාමද මංදා අනිත් අය හිතුවටත් වඩා ඉක්මනට ඔලුව සනීප උනේ .   " ඇමී .. ඔයා අද යනවනෙ . පොඩි ගමනක් යමුද ඊට කලින් "   " යමු "   " කොහෙද අහන්නැද්ද "   " ඔයත් එක්ක ලෝක ගැට්ටෙන් පනින්න හරි එනවා "   මම කිව්වෙ අත් දෙකම දෙපැත්තෙන් දාලා අශ්වින්ව බදාගෙන .   යන තැනක් නොකියාම අශ්වින් මාව එක්කගෙන ආවෙ අපාට්මන්ට් එකකට .   " කාගෙද මේ "   " යමුකො "   ඩෝ බෙල් එක වැදිලත...