Skip to main content

Posts

Showing posts from August, 2020

මීදුම මැදින් - 24 කොටස

ලිහි ලිහී එතෙන ලිය වැලක් වගේ අශ්වින්ගෙ උණුසුම් හුස්ම මගේ පපුව ගැඹුරේම තැනක තැන්පත් වෙලා මිනිත්තු ගානක් යනකම්ම එයා හිටියේ මගේ නලලට නලල තියාගෙන .   පියවිලා ගිය ඇස් වලින් , ලා හිනාවක් රඳවගෙන ඉන්න තොල් වලින් අමාරුවෙන් ඇස් මුදවගෙන මම ඇස් පියාගත්තෙ තවත් මාස ගාණකට දැනෙන්නැති ඒ උණුහුම නාස් අගින් හිත ඇතුලටම ඇදගන්න ගමන් .   ඔයා ආපහු එනවනම් ඉවසන්නම් .. මාස හයක් නෙමෙයි ඊටත් වඩා කාලයක් වුණත් ..   ආපහු ආවම ඔයාගෙ වචන වලින්ම අහන්න ඕන මේ හැඟීම මොකක්ද කියලා ..   කාලය ගෙවිල ගියපුවාවෙ .. හිම වැටෙන එක නවතිනකම් .. ගස් වල මල් පිපෙනකම් .. දේවදාර ගස් කොළ පාටින් පිරෙනකම් .. බර්න් ගඟ පාඩුවේ ගලකනම් .. මම බලාගෙන ඉන්නම් ..   🌸🌸🌸🌸🌸🌸🌸 කාලය ... අපි කැමති අය ලඟ ඉන්නකොට තත්පරේට හැටේ වේගෙන් දුවන .. අපි කැමති අය ඈත් වුනාම කට්ට හෙලවෙන්නෙවත් නැති තරම් හෙමින් ගමන් කරන මහා අමුතු අසමජ්ජාති දෙයක් ..   අශ්වින් ගියාට පස්සෙ හිම පතන තිස් දෙකක් වෙලා මේ වෙද්දි .. අන්තිම හිම පතනයත් ...

මීදුම මැදින් - 23 කොටස

" ඇයි අඬන්නෙ .."   විනාඩි ගාණක් තවලා ඉවර වෙලා අශ්වින් ඇහුවෙ මගේ කම්මුල් දෙපැත්තට හෙමීට අත් දෙක තියලා ..   " ඒක ... ඒ පලවෙනි පාර "   මගේ ඉස්සරහ තිබුණු අශ්වින්ගේ කකුල දිහා බලාගෙන මම   කිව්වෙ තව කඳුලක් බිමට වැටෙද්දි ..   " නෑ .. ඒ පලවෙනි පාර නෙමේ .. "   හෙමීට මෘදුව ඇහුණු වචනත් එක්ක මම ඔලුව ඉස්සුවෙ පුදුමෙන් . කොහොමත් තරමක් බෝල මගේ ඇස් ලොකු වෙලා තියෙන්නැති ....   " ඒ කිව්වෙ "   " ඒ ඔයාගෙ පලවෙනි හාදුව නෙමේ "   🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸   " එහෙනම් "   හෙමීට හෙමීට මගේ ඇස් වලට ලං වෙන දිග ඇස් දිහා බලාගෙනම මම ඇහුවෙ යන්තම් තොල් හොලවලා ..   හුස්ම වදින පරතරයක් විතරක් ඉතුරු කරලා නැවතුණු ඇස් කියන කතාව හොයාගන්න ඒ ඇස් ඇතුලෙ කිමිදෙන්න මට ආපු ක්ෂණික ආසාව මම අමාරුවෙන් යටපත් කරගත්තා .   " ඇයි .."   මම ඇහුවෙ යාන්තම් තොල් එහාට මෙහාට කරලා . හඬක් පිටවුනේ නෑ කියලනම් විශ්වාසයි .   " ම්ම් "   අශ්වින්ගෙ මූනෙන් මේ තරම් මනමාල , උණුසුම් බැල්මක් ...