' විශ් ' කියන අක්කා යන ගමන් එතන හිටපු පෝනියෙක්ගෙ නැට්ට ඇදගෙන ගියේ ඌ පරල වෙලා හැරෙද්දි .. මට මහ හයියෙන් හිනා ගියේ ගල් වෙච්ච කකුල් අද්ද අද්ද පිටිපස්ස හැරි හැරි දුවන හැටි දැකලා .. ඒ එක්කම පිස්සෙක් දිහා බලනව වගේ කට්ටිය මගේ දිහා බලද්දි මම ඉක්මනට හිනාව ගිලලා උගුර පාදලා ඉස්සර බලාගත්තත් කඩින් කඩ එලියට පනින හිනාව වාවගන්න සෑහෙන්න මහන්සියක් දරන්න වුනා .. මානසික ලෙඩෙක් දිහා බලනව වගේ බලන්නෙපා යකුනේ .. දැනටත් මම මානසිකව වැටිලා දනිස් තුවාල වෙලා ඉන්නෙ .. 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 යුනිෆෝම් එක පිටින්ම ඇඳේ පතබෑවිලා මම කරේ සිවිලිම දිහා ඔහේ බලාගෙන හිටපු එක .. මගේ උපන් රටට එන එක ගැන මම මොන තරම් හීන මැව්වද .. අපරාදෙ කියන්න බෑ දවසට එක ගානෙ සුන්නද්දූලි වෙලා යනවා . මේ තරම් දවස් මං ගැන නොතිබුණු බරක් මට දැනෙන්න අරන් තිබුණේ .. කිසිම රහසක් තිබුණෙ නැති ජීවිතේ මට හිතෙනව මං ගැන හංගන්න ඕන කියලා .. ' ශිට් .. මොන රෙද්දට ආවද මම ' තනියම කියාගන...