" කලණිත් නෙමේ තමුසෙ ඇරෙන්න අනිත් ඔක්කොම කිව්වා .. ඔයාට මොලේ නැති උනාට අනිත් මිනිස්සුන්ට මොලේ තියනවා " " ආයිත් තමුසෙලු " " අඩෝ .. ලව් කරල ඉවරනම් කෑම ගෙන්නපංකො සව්වා .. බඩගිනී " මගේ වීඩියෝ එක පට්ට ගහල ඉවර වෙලා තීක්ෂණ කෑ ගහපු සද්දෙට ගමේම මිනිස්සු රෑ කෑමට ආවත් මම පුදුම වෙන්නෙ නෑ .. කෑම ගෙනාවට පස්සෙ හිනා වෙවී කතා කර කර ඉන්න ගමන් වස්සා කිව්ව එකට මට කකා හිටපු බිරියානි එක ඉස්පොල්ලෙ ගිහින් කැස්ස නවත්තගන්න බැරුව මැරුනේ නැති ටික විතරයි . 💗💗💗💗💗💗💗 " කලණි එහෙනම් මේ හෝන්තුවටත් එක්ක වෙඩින් ඩ් රෙස් වලට රෙදි ගන්න හෙට ගියාම .. තව සති දෙකයිනෙ තියෙන්නෙ . ලේසි ඩිසයින් එකක් තෝරගන්න දෙන්නම මහන්න දෙන්න . බැලුවද ඩිසයින් එකක් .." අන්තිම ටික ඇහුවෙ මගේ පැත්තට හැරිලා .. ඒකත් බැලුවෙ නැත්තම් දෙන්නෙ තොට වගේ ස්වරයකින් ඇහුවෙ .. මම කැහැ කැහැම බැලුවෙ කලණි දිහා .. සති දෙකයි .. කසාද බඳින්න .. මේ මම .. තාම හා පැටියෙක් වගේ ඉන්...